අනවසර නාළිකා රැසකට තිත තබන්න සුදානමක් Featured

Published in පුවත්
Saturday, 04 January 2025 09:18

රජයේ අවසරයකින් තොරව උතුරු, නැගෙනහිර, කඳුකර ප්‍රදේශ සහ වැල්ලවත්ත ආශ්‍රිතව කේබල් රූපවාහිනී නාළිකා රැසක් පවත්වාගෙන යන බවත්, මේ නිසා සමාජයට දැඩි බලපෑමක් එල්ලවී තිබෙන බවත් විද්‍යුත් විකාශකයන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම කේබල් රූපවාහිනී නාළිකාවලින් ඉන්දීය රූපවාහිනී නාළිකාවල වැඩසටහන් ප්‍රචාරය කෙරේ.

වැඩි වශයෙන් ප්‍රචාරය කෙරෙන්නේ දකුණු ඉන්දීය කේබල් රූපවාහිනී වැඩසටහන්ය. එමෙන්ම මෙම රූපවාහිනී නාළිකා රැසක් පවත්වාගෙන යනු ලබන්නේ දේශපාලඥයන්ගේ සහයෝගය මත බවද පැවැසේ. විද්‍යුත් විකාශකයන්ගේ සංගමය 2018 වසරේ සිටම මෙම කේබල් රූපවාහිනී නාළිකා සම්බන්ධව පැවති රජයන් දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

ඇතැමුන් ස්වයං රැකියා ලෙස නිවාසවල සිටම මෙම කේබල් රූපවාහිනී නාළිකා පවත්වාගෙන යන බවට එම සංගමයට තොරතුරු ලැබී ඇත. ස්වයං රැකියා ලෙස මෙම කටයුතුවල නිරතවන්නෝ දුරකථන කණුවලින් කේබල් යොදාගෙන මීටර් 500 ක පමණ වපසරියක නිවාසවලට රූපවාහිනී නාළිකා වැඩසටහන් බෙදාහරිති. ඒ සඳහා අදාළ සේවාව ලබාගන්නා නිවැසියන්ගෙන් මාසික ගාස්තුවක්ද අය කෙරේ.

ඉන්දියානු චන්ද්‍රිකා තාක්ෂණ රූපවාහිනී නාළිකා නැරැඹීමට අදාළ පෙර ගෙවුම් කාඩ්පත් උතුරු, නැගෙනහිර, වැල්ලවත්ත, කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව අලෙවි කිරීමට තිබෙන බවත්, මෙම මුදල් උණ්ඩියල් ක්‍රමයට ඉන්දියාවට යවන බවටද විද්‍යුත් විකාශකයන්ගේ සංගමයට තොරතුරු ලැබී තිබේ.

මෙම රූපවාහිනී නාළිකා නරඹන ප්‍රදේශ ආශ්‍රිතව පදිංචිකරුවන් යොදගෙන විද්‍යුත් විකාශයකයන්ගේ සංගමය 2018 වසරේදී සමීක්ෂණයක් ද කර ඇත. එහිදී පුද්ගලයන් සිය දෙනකුගෙන් කරන ලද විමසීමකදී රටේ අගමැතිවරයා කවුදැයි නිවැරදිව සඳහන් කර ඇත්තේ පුද්ගලයන් දෙදෙනකු පමණි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේද අවසරයකින් තොරව නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන මෙම කේබල් රූපවාහිනී නාළිකා සම්බන්ධයෙන් යම් පියවරක් ගන්නා ලෙස විද්‍යුත් විකාශකයන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස දැනුවත් කිරීමටද පසුගියදා කටයුතු කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us