ගණිකා නිවාසයෙන් දිස්වෙන කුහක සදාචාරයේ පිළිබිඹුව

Published in පුවත්
Wednesday, 17 September 2014 12:39

යුක්තිය සාධාරණය උදෙසා මාධ්‍යකින් සිදුවන මෙහවර අපරිමිත වනවා සේම යම් අවස්ථාවල එම මෙහෙවර අයුතු ලෙස භාවිතා වීමක් සිදුවීම කණගාටු දායක තත්වයකි. කොල්ලුපිටියේ සුපිරි ගණිකා නිවාසය වැටලීම වීඩියෝ සහිතව ලොවටම ප්‍රදර්ශනය කිරීම තුළ එය පැහැදිලි වේ. මෙම තරුණියන්ගේ රූප ප්‍රදර්ශනය කිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය. මන්ද ගණිකා සේවයේ නියුතු තරුණ තරුණියන්ගේ රූප ඉදිරිපත් කිරීමට නොපැකිලව කටයුතු කළ මාධ්‍ය එම තත්වයට මග පෑදූවන්ගේ මුහුණු සැගවා අැති බැවිනි. මක් නිසාද යත් මෙවැනි නිවාස පවත්වාගෙන යා හැක්කේ සමාජය ඉදිරියේ බැටළු හම් පොරවා ගත් වෘකයන් ලෙසින් පෙනී සිටින ශුද්ධවන්තයින්ගේ ඇල්ම බැල්ම වැටුණහොත් පමණක් වන බැවිනි.

අධික ඉල්ලුමක් අැති මෙම සුපිරි ගණිකා නිවසට එම ඉල්ලුම ලබා දුන්නේ කවුරුන්ද. ගණිකාවන් යැයි ලොවටම පෙනෙන්නට හංවඩු ගැසූ ඒ ස්තී‍්‍රන්ගේ පහස සූරාකෑ වුන්ගේ අනන්‍යතාව සැගවූෙය් මන්ද?. මෙම වීඩිෙයා්ව කුහක සදාචාරයක අක් මුල් පවා පසක් කරන්නකි. සැගවී ලිංගික සන්තර්පනය ලබන්නට රුසියන් වූවෝ එළියේ දී කාන්තාව බිල්ලට තබා සුද්දවන්තයන් වී අැත. ඔවුන්  ගේ වෙස් මුහුණු ගලවන්නේ කවුරුන්දපුරුෂවාදී සමාජයක පීඩාවේ අන්තයට ගලායන ස්තී‍්‍රන්ගේ සෝ සුසුම් හදුනන්නේ කවරෙක්ද මේ ඔස්සේ හෙළිදරව්වූයේ එම යථාර්තයම නොවේද? ඒ කුහක සදාචාරයම නාෙවේද?

කෙස් වෙතත් මේ සිදුවීෙමන් මාධය  හරහා  වලාන පොළීසිය පොරවල් වී අැති බව නම් පැහැදිලිය. සමාජය ඉදිරියේ නිරුවත් කළ යුතු සැබෑම ගණිකාවන් වන්නේ ගණිකා නිවාස පසුපස සැඟවුණු යථාර්තයයි. එම යථාර්තය එළි දැක්වූ දිනක මාධ්‍ය ඉදිරියේ පමණක් නොව හදවතින්ම පොරක් වීමේ හැගීම අත්විදීමට ඔවුන්ට හැකි වනු ඇත.

කෙසේ වුවත් මේ සිදුවීම හරහා යළි යළිත් නිරූපනය කරන්නේ කරන්නේ මාධ්‍ය සදාචාරයේ නිරුවතම නොවේද?

Last modified on Thursday, 18 September 2014 15:33

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us