සජබය ගොඩනඟන්න ඉම්තියාස් ගෙන් නිර්දේශ 12ක්  

Published in පුවත්
Monday, 30 December 2024 09:31

නායකයන් නිර්මාණය කිරීමේදී පැරෂුට්කරුවන්ටත් ප්‍රචාරණයේදී කොන්ත්‍රාත්කරුවන්ටත් අවස්ථා නොදී නායකත්වය හා බිම් මට්ටම අතර නිවැරැදි සම්බන්ධතාවක් ගොඩනගා ගනිමින් සමගි ජන බලවේගය ප්‍රතිසංවිධානය කරන්නැයි ඉල්ලමින් එම පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් සමගි ජන බලවේග නායකයා සහ මහ ලේකම්වරයාට ලිපියක් යොමුකර ඇත.

පක්ෂය දරන්නා වූ මතවාදය ගැන එක ස්ථාවරයකට පැමිණ කණ්ඩායමක් ලෙස, ඉහළ සිට පහළ දක්වා ක්‍රියාකාරිකයන් එක හඬකින් කතා කිරීමට පෙළගස්වා ගනිමින් එම ප්‍රතිසංවිධානය කළ යුතු බව කියමින් නිර්දේශ 12ක් සහිතව මෙම ලිපිය සකස් කර තිබේ.

ඉම්තියාස් බාකීර් මාකාර් යොමුකළ එම නිර්දේශ 12 මෙසේය.

01. පක්ෂය දරන්නාවූ මතවාදය ගැන එක ස්ථාවරයකට පැමිණ කණ්ඩායමක් ලෙස ඉහළ සිට පහළ දක්වා ක්‍රියාකාරිකයන්, එක හඬකින් කතා කිරීමට පෙළගස්වා ගැන්ම. එවිටයි ඒ මතවාදය සාර්ථක ලෙසින් සමාජගත කළ හැකි වන්නේ.

02.පක්ෂයක් ලෙස හැසිරීම මෙන්ම ඒ අනුව තීරණ තීන්දු ගැනීමේ අවශ්‍යතාව.

03.හැකිතාක් දුරට පක්ෂයේ වගකීම් පැවරීමේදී සාමාජික එකඟතාව ලබා ගැන්ම සහ ප්‍ර‍ාථමික ඡන්ද පැවැත්වීම වැනි කරුණු තුළින් අභ්‍යන්තර ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය පක්ෂය තුළ තහවුරු කිරීම.

04.ශිෂ්‍ය හා තරුණ සංවිධාන තුළින්, ජාතික සංවිධානවලට ආ හැකි අයුරින්, ස්වභාවික නායකයන්ට මඟ පාදා දෙන ක්‍ර‍මවේදයක් හා බලාපොරොත්තු ඇති කරන වැඩපිළිවෙළක් සකස් කිරීම. (පැරෂුට් වලින් එන අයට නොරැවැටීම සඳහා)

05.පාර්ලිමේන්තු මන්ත්‍රි හමුවීම්, පක්ෂ සංවිධායක හමුවීම්, කළමනාකරණ කමිටු රැස්වීම්, කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් විධිමත් ලෙස, නිසි කාලවකවානුව තුළ පැවැත්වීම. (විධායක සභාව හා පක්ෂ සමුළුවද ඇතුළුව)

06.දිස්ත්‍රික් සභාපති සහ දිස්ත්‍රික් සංවිධාන සඳහා නිශ්චිත වගකීම් සහ කාර්යභාරයන් පැවැරීම මෙන්ම ඒවා පිළිබඳව ඔවුන් සමඟ තෛ්‍රමාසික සමාලෝචනයන් පැවැත්වීම.

07.නායකතුමන් සහ ප්‍ර‍ධාන නිලධාරීන් සමඟ පක්ෂයේ විවිධ අංශ භාර ප්‍ර‍ධාන නිලධාරීන් මෙන්ම, තරුණ, කාන්තා, ශිෂ්‍ය, වෘත්තීය සමිති ඇතුළු අනුබද්ධ සංවිධානවල වගකීම් භාර ප්‍ර‍ධානීන් ද ඒ කටයුතු ගැන නිශ්චිත කාලසටහනකට අනුව ප්‍ර‍ගති සමාලෝචන සාකච්ඡාවන් නොවරදවා පැවැත්වීම.

08.සමාජ ජාලා වගකීම සහ පක්ෂය වෙනුවෙන් වෙනම ඒකකයක් නිර්මාණය කිරීම. ඡන්දයට පමණක් සීමාවූ මෙහෙයුම් සඳහා කොන්ත්‍රාත් ලබාදීම වෙනුවට, පක්ෂයේ වෙනම ඒකකයක් මේ සඳහා නිර්මාණය කරගැන්ම තුළින් ඒ හා බැඳුණු ක්‍රියාකාරිකයන්ගේ දම්වැලක් මඟින් විධිමත් සන්නිවේදන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ යෝග්‍යතාව.

09.පක්ෂ මතවාදය මෙන්ම කාලීන කරුණු ගැන පක්ෂයේ පණිවුඩයන්, ක්‍රියාකාරිකයන්ට සහ මහජනතාවට යන අයුරින් මෙය සකස් කර ගැන්ම.

10.වසර දෙක තුනකින් ප්‍ර‍ධාන මැතිවරණයක් එන විට ඒ සඳහා අලුතින් එක්වන තරුණ ඡන්දදායකයන් ඉලක්ක කරගෙන (වයස 15,16,17 පරපුර), දේශපාලන අවබෝධය ලබාදෙන වැඩපිළිවෙළක් (රන්ජන් විජේරත්න ඇකඩමිය මෙන්) මෙන්ම සංවාදාත්මක සන්නිවේදන වැඩපිළිවෙළකට හැකි ඉක්මනින් පියවර ගැන්ම.

11.පළාත් පාලන සහ පළාත් සභා ඡන්ද සඳහා අපේක්ෂක තේරීම උදෙසා නිර්ණායක තීරණය කිරීම. මෙහිදී වෘත්තීමය සුදුසුකම් ඇති අයවලුන්, සමාජ ක්‍රියාකාරීන්, ප්‍ර‍ජා සංවිධානවල මූලිකයන්, සම්බන්ධ කරගැන්ම මෙන්ම අවම වශයෙන් සියයට 25 බැගින් හෝ තරුණ සහ කාන්තා නියෝජනත්වය ලබාදිය හැකි අයුරින් පක්ෂය සූදානම් කරගැන්ම. (මෙයට ඉහත ඡන්දවලදී අසාර්ථක වී ඇති අපේක්ෂකයන් නැවැත ඉදිරිපත් කිරීමේ කරුණ මතු වුවහොත්, එය සියයට 35ක ප්‍ර‍තිශතයකට වැනි ලෙසින්, ඒ සංඛ්‍යාව සීමා තැබීම.)

12. පක්ෂයේ ආසන භාර සංවිධායකවරුන්ට සහ ප්‍රාදේශීය මහජන නියෝජිතයන්ට පක්ෂ නායකතුමන් සහ ප්‍ර‍ධාන නිලධාරීන්ව හමුවීම සඳහා නිශ්චිත කාල අවකාශයක් ලබාදීම.”

මෙම ලිපියේ පිටපත් සජබ පක්ෂ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහ පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක වෙත යොමු කර ඇත.

මව්බිම

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us