මෙම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පසුගිය දා ස්ථාපිත කළේය.
ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක, වැඩබලන පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සාමාජිකයන් 18 දෙනෙකුගෙන් එම ජනාධිපති කාර්ය සාධක බළකායට ඇතුළත් කර තිබුණි.
"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන නියමිත කාලසීමාව තුළ සැලසුම් කිරීම, මඟපෙන්වීම, ක්‍රියාත්මක කිරීම, ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ සම්පූර්ණ කිරීම මෙම ජනාධිපති කාර්ය සාධක බළකායට පැවරී ඇති වගකීම් වේ.