අදාල දැරිය තමාට සිදුවු අතවරය සම්බන්ධයෙන් මවට දැනුම් දී ඇතත් ඇය ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර නැති අතර, ඒ බව පොලිසියට දැනුම් දී ඇත්තේ අසල්වාසීන් විසිනි.
ඒ අනුව දුෂණයට ලක්වු දැරියගෙන් මෙන්ම ඇගේ මවගෙන් ද ප්‍රකාශ ලබා ගත් බවත්, පසුව එම දැරිය වෛද්‍ය පරික්ෂණ සඳහා යොමුකල බවත් පොලිසිය පැවසුවේය.