රාජිත ආණ්ඩුවෙන් එලවීමේ කුමන්ත්‍රණයක් !

Published in පුවත්
Wednesday, 17 September 2014 09:57

තමා රජයෙන් ඉවත් කිරීමට ඇතැම් බලවේග රහසිගතව ක්‍රියාත්මක වුවද එම කුමන්ත්‍රණ සාර්ථක නොවන බව පවසන ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, තමා ආණ්ඩුවෙන් ඉවත්ව නොයන නමුත් ගැනීමට ඇති සියලුම දේශපාලන තීන්දු ඇතුළේ ඉඳන්ම ගන්නා බවත් එම තීන්දු ගැනීමේදී නැතිවන්නේ මොනවාද යන්න සම්බන්ධයෙන් නොසිතන බවත් ආවධාරණය කර සිටී.

පොත් එළිදැක්වීමේ අවස්ථාවකට එක්වෙමින් රාජිත සේනාරත්න මහතා එබව සඳහන් කළේය.

දූෂණයට එරෙහිව කතා කරන විට දූෂිතයන් ගෙන් චෝදනා එල්ලවන්නේ යැයිද, තමා දේශද්‍රෝහියෙක් බව කියා සිංහල අන්තවාදීන් තමන්ට බෝම්බ ගැසුවද තමා දේශප්‍රේමියෙක් ලෙස කියා දමිළ අන්තවාදීන් තමන්ට බෝම්බ ගැසුවද තමන් මොකෙක්දැයි තමන් තවම නොදන්නා බවද ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය. .

එරෙහිවීමට යමක් ඇතොත් අවශ්‍ය වෙලාවේදී රජ මැඳුරේදීම කතා කරනවා විනා ඒ පිළිබඳව විරෝධය පා එළියේදී තමා නොනැඟිටින බවද මුළු සමාජයම ජරාජීර්ණ වෙද්දී දේශපාලනඥයාට විතරක් බේරෙන්න ඉඩක් නැති බවද ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us