රනිල් ගහපු IMF ගැටය අපි ලිහනවා - සුනිල් හදුන්නෙත්ති    

Published in පුවත්
Wednesday, 18 December 2024 10:53

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්වි ගසා තිබූ ගැටය වත්මන් ආණ්ඩුව ලිහමින් සිටින බව ඇමැති සුනිල් හදුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) ප්‍රකාශ කළේය. ඇමැති සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව සඳහන් කළේ සමගි ජනබලවේගය ඉදිරිපත් කරන ලද සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සියළු දෙනා එක්ව ඇටවූ උගුලෙන් එළියට ඇවිත් රට ඉදිරියට ගෙන යනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් විපක්ෂය ගෙන ආ යෝජනාව තුළින් මෙහි නිවැරදි තත්ත්වය සමාජ ගත කරන්නට හැකි වුණා. අද අපි මේ ලිහන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රනිල් වික්‍රමසිංහ එක්ක එකතු වෙලා ගහපු ගැටේ. රනිල් වික්‍රමසිංහ ඇතිකරපු තත්ත්වය ගැන කියන්න සමගි ජන බලවේගයේ කාටවත් කොන්ද තිබුණද. අපි කිසිම අවස්ථාවක රට පාවා දෙන්නේ නැහැ. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකළ සාකච්ඡාවලට මම සහභාගී වුණා.

අද දේශපාලන වශයෙන් ඇතිව තිබෙන ස්ථාවර බව මෙන්ම නීතිය සමාන අයුරින් ක්‍රියාත්මකයි. රනිල් වික්‍රමසිංහ හදපු උගුලෙන් අපි එළියට එනවා. ඒ සම්බන්ධයෙන් ඔබට වේදනාවක් ඇති. ඒකට කරන්න දෙයක් නැහැ. ඔබ බලාගෙන හිටියේ අපි ඒ උගුලේ හිරව සිටිනතෙක්. සඟවන ලේඛන කියලා හර්ෂ ද සිල්වා මහතා ලේඛන ටිකක් ඉදිරිපත් කළා. අර්ථ සාධක අරමුදලේ අය ගැන අලුත් යෝජනාවක් ගේනවා කියලා එකක් පෙන්නුවා. ඒක අලුත් යෝජනාවක් නොවෙයි. 2023 මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා අලුත් එකක් කියලා කියනවා. නැතුව මේ මහා දෙයක් නැහැ. මොකක් හරි කොළයක් ගෙනල්ල සභාගත කරාම ඒක සත්‍ය නොවෙයි.

දිනමිණ

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us