සහල් ලැබෙන දවස ඇමති දන්නෙත් නැහැලු

Published in පුවත්
Tuesday, 17 December 2024 08:20

සහල් ලැබෙන දවස ඇමති දන්නෙත් නැහැලු

රජය විසින් ආනයනය කරන සහල් තොග මෙරටට ලැබෙන්නේ කවදාදැයි තමාට මේ මොහොතේ පැවැසීමට නොහැකි බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න පැවැසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (16 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

පෞද්ගලික අංශය ආනයනය කරන සහල් තොග යම් ප්‍රමාණයක් මේ වෙද්දී රට තුළට ලැබී තිබුණ ද, රජය මැදිහත්ව ආනයනය කරන සහල් තොග මෙරටට ලැබෙන්නේ කවදාදැයි මාධ්‍යවේදියකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

“මම හිතන්නේ ඕක වෙළෙඳ අමාත්‍යංශයෙන් අහන්න ඕන එකක්. මට මේ වෙලාවේ ඒකට උත්තරයක් දෙන්න අපහසුයි.“

මාධ්‍යවේදියා - හැබැයි ඔබ කෘෂිකර්ම විෂය භාර නියෝජ්‍ය ඇමැතිවරයා. ඔබට ඒ ප්‍රශ්නයෙන් පැනලා යන්න බෑ. මොකද ඔබ තොරතුරු දැනගත යුතුයි. මේ වෙද්දී රටට අවශ්‍ය සහල් ප්‍රමාණය රට තුළ නෑ. සහල් පාලන මිල නියම කර ගැසට් පත්‍රයක් නිකුත් කළත් ඒ මිලට සහල් ගන්න තැනක් නෑ.

නියෝජ්‍ය ඇමැතිවරයා - මේ සහල් ප්‍රශ්නයට අවසානයේදී ජනාධිපතිතුමා ටිකක් තදට මැදිහත් වුණා. දැන් සහල් වෙළෙදපොළට එනවා. රට සහල් යම් ප්‍රමාණයක් රටට ඇවිත් තියෙනවා. කලින් තිබුණ සංකීර්ණ තත්ත්වය නෑ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us