රජය බලාපොරොත්තු වූ ලෙස හාල් ආනයනය කර නැහැ. බදු හරහට හිටලා Featured

Published in පුවත්
Sunday, 15 December 2024 10:14

ඉන්දියාවෙන් ආනයනය කිරීමට අපේක්ෂිත සහල් බහාලුම් 2,500 න් පසුගිය සිකුරාදා (13 වැනිදා) සවස් වන විට ආනයනය කර ඇත්තේ බහාලුම් 75 ක් පමණක් බව කොළඹ වරායේ තොරතුරු සඳහන් කරයි. සහල් ආනයනය සඳහා පැවැති සීමා රජය ඉවත් කළේ මේ මස 20 වැනිදා තෙක්ය.

මෙරට සහල් අර්බුදය විසඳීම සඳහා කඩිනමින් සහල් මෙට්‍රික් ටොන් 75,000 ක් ආනයනය කිරීමට රජය ඉකුත් 04 වැනිදා සහල් ආනයන සීමා ඉවත් කළේය. ඒ අනුව ඕනෑම සහල් වර්ගයක් ඉන්දියාවෙන් මෙමස 20 වැනිදා දක්වා ආනයනය කිරීමට ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට අවස්ථාව ලබාදී තිබේ.

කෙසේ නමුත්, සහල් ආනයනයේ දී කිලෝවක් සඳහා අය කරන රුපියල් 65 ක තීරු බද්ද රුපියල් 50 ක් දක්වා රුපියල් 15 කින් අඩු කරන ලෙස ආනයනකරුවන් රජයෙන් ඉල්ලා ඇත. ඊට රජයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම නිසා ආනයනකරුවන් රැසක් සහල් ආනයනය කිරීමට අඩු උනන්දුවක් දක්වන බව පැවසේ.

මේ නිසා රජය ආනයනය කිරීමට අපේක්ෂිත සහල් ප්‍රමාණය ආනයනය කිරීමට නොහැකි වී ඇතැයිද වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us