එමෙන්ම මෙරට වාර්ෂිකව වගා කරන පොල් පැළ ප්‍රමාණය ලක්ෂ 70කින් පමණ අඩු වීමද මීට හේතුවී ඇති බව ඔහු පෙන්වා දෙයි.
"කෙටි කාලයක් ඇතුළත පොල් හිඟ වෙන්න නම් රිළා ගහනය ක්ෂණිකව වැඩි වුණාද කියලා සලකා බලන්න වෙනවා. පැහැදිලි දේ තමයි එහෙම ක්ෂණික වැඩිවීමක් වුණේ නැහැ. නමුත් කාලයක් තිස්සේ මේ සතුන්ගේ ගහනය වැඩි වෙනවා. මාර්තු සිට ජුනි දක්වා රට තුළ උෂ්ණත්වයේ අධික ඉහළ යෑම සහ පොල් ගෙඩි හටගැනීම විශාල වශයෙන් අඩුවීම සිදුවෙලා තිබෙනවා. පොල් ගහකට සුදුසුම උෂ්ණත්වය වන්නේ centigrade 27,28 වගේ උෂ්ණත්වයක්. නමුත් මේක centigrade 33ට වඩා ඉහළට යනකොට පොල්ගස්වල පරාගණය අඩුවෙලා ඵල හටගැනීම අඩු වෙනවා."
අද දෙරණ කළ විමසීමකදී ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පැවසුවේ, ලෝකයේ වැඩිම පොල් පරිභෝජනයක් සහිත රට ශ්‍රී ලංකාව වන අතර පුද්ගලයෙකු වසරකට පොල්ගෙඩි 114ක් පරිභෝජනය කරන බවය.
ඉදිරියේදී ඇතිවිය හැකි පොල් හිඟය අවම කරගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පැහැදිලි කළේය.
"කෙටි කාලීන පියවරක් ලෙස සත්ව ගහනය පාලකය කරන්නම වෙනවා. ඒ වගේම දැනට තිබෙන පොල් අස්වැන්න වැඩි කරන්න පුළුවන් පියවර අපි ගන්න ඕනේ. අනාගතය දිහා බලලා පොල් පැල සිටුවීම වැඩි කරන්න ඕනේ."
adaderana