ආණ්ඩුව මහින්දගේ ආරක්ෂාව ඉවත් කරයි Featured

Published in පුවත්
Wednesday, 11 December 2024 19:31

නීතීඥ මනෝජ් ගමගේ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට වර්ථමාන ආණ්ඩුව පියවර ගෙන ඇති බවයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ පොදුජන පෙරමුණු ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

ඒ මහතා පැවසුවේ මානව සම්පත් කළමනාකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඊයේ (10) දින ලිපියක් මගින් මේ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක කොට්ඨාසය වෙත දැනුවත් කර ඇති බව ය.

ඒ අනුව ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක කොට්ඨාසයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් මෙම පිරිස අතර ප්‍රභූ ආරක්ෂාව පිළිබඳව පළපුරුදු නිලධාරීන් සියල්ල ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ප්‍රභාකරන්ගේ මතවාද ඇති පිරිස් තවමත් තුරන් වී නොමැති බැවින් එම ත්‍රස්තවාදය තුරන් කිරීමට නායකත්වය ලබා දුන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩු කිරීමට ආණ්ඩුව පියවර ගැනීම ඉතා බරපතළ තත්ත්වයක් බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us