ඒ අනුව හෝමාගම මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් ඊයේ (10) නියෝග කළේ සැකකරුවන් 08දෙනාගෙන් එක් අයෙක්ට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක්ට ශරීර ඇප සහ දැඩි කොන්දේසි මත මුදා හරින ලෙසයි.
මෙම සැකකරුවන් 08දෙනාට විදේශ ගමන් තහනම් කර ඇති අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්ර අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ
එමෙන්ම සෑම ඉරිදා දිනයකදීම අතුරුගිරිය පොලීසියේ පෙනී සිට අත්සන් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කළේය.