සංගණන නිලධාරීන්ට බය වෙන්න එපා. අවේ නැතිනම් 1901 ට කියන්න  

Published in පුවත්
Sunday, 08 December 2024 14:40

සංගණන කටයුතු සඳහා නිවාස වෙත පැමිණෙන ගණන් ගැනීමේ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමට කිසිදු බියක් ඇති කරගත යුතු නැතැයි බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පවසා සිටියේ, සංගණන කටයුතු සඳහා පැමිණෙන නිලධාරීන්ට ඇතැම් නිවාසවලින් තොරතුරු ලබානොදීමේ තත්ත්වයක් වාර්තා වී ඇති බවය.

කෙසේවෙතත් එම සංගණන කටයුතු දෙසැම්බර් මස 23 වන දිනෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.

මෙම වර්ෂය සඳහා වන සංගණන කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනලේඛන හා සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය මෙම අදහස් පළ කළාය.

"ජන හා නිවාස සංගණනයේ තොරතුරු රැස්කිරීමේ අදියරයේ කටයුතු 2024 වසරේ ඔක්තොබර් මාසයේ 07 වෙනිදා ආරම්භ වුණා. 2023 වසරේ ඔක්තොබර් මාසේ ආරම්භ කළා සෑම නිවසකට, ගොඩනැගිල්ලකටම රතුපාට ලේබලයක් අලවන්න. ඒ ලේබලය පදනම් කර ගනිමින් තමයි නිවාසවල ජීවත් වෙන පුද්ගලයන්ගේ සහ ඒ නිවාසවල තොරතරු රැස්කිරීම අපි සිදුකළේ.

මෙම තොරතුරු රැස්කිරීම ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන්නේ සංගණන අඥාපනත යටතේ පැවැරී ඇති බලතල අනුව. කිසිසේත්ම සැකයත් ඇති කරගන්න එපා කිසිදු ආකාරයකින් පුද්ගලික මට්ටමේ තීන්දු තීරණ ගැනීමට මෙම තොරතරු ගැනීමට මෙම තොරතුරු භාවිතා වෙන්නේ නැහැ. රටේ ඉදිරි අනාගතයට, ඉදිරි වසර 10 සඳහා ජාතික ප්‍රතිපත්ත සම්පාදනයට, සැලසුම් සකස් කිරීමට අවශ්‍ය වෙන තොරතුරු තමයි මේ සංගණනයෙන් ලබාදෙන්නේ.

මෙම ගණන් ගැනීමේ අදියරයේ කටයුතු දෙසැම්බර් 23 වනදායින් අවසන් වෙන්න සියලු කටයුතු සැලසුම් කරලා තියෙනවා. දෙසැම්බර් 19 දිනය සංගණන දියන විදිහට ප්‍රකාශයට පත්කරලා ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත්කරලා තියෙනවා. ඒ අනුව ගණන් ගන්නා නිලධාරියෙක් සංගණනය සඳහා තොරතුරු රැස්කිරීමට ඕබේ නිවසට නොපැමිණියහොත් 1901 දුරකථන අංකය අමතා දැනුම් දෙන ලෙස සියලුදෙනාම දැනුවත් කරනවා."

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us