හමුදා බුද්ධි ප්‍රධානී බ්‍රිගේඩියර් චන්දික මහතන්තිලක එම ධූරයෙන් ඉවත් කිරීම සිදුකර ඇත්තේ ඊයේ දිනයේ දී ය.
හමුදාවේ සිදුව තිබු දුෂණ ක්‍රියා වලට එරෙහිව කටයුතු කළ නිලධාරීන්ගෙන් පළිගැනීම් ගැන ඔහුට චෝදනා රැසක් එල්ලව තිබු අතර ජනාධිපතිවරණය ආසන්නයේ දී, ජනාධිපතිවරණයට පෙර රට තුළ නොසන්සුන්තාවයක් ඇති කිරීමට හමුදා බුද්ධි ප්‍රධානියා කටයුතු කරමින් සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා රැසක් එල්ලව තිබිණි.
එම චෝදනාවන්ට එරෙහිව, චන්දික මහතන්තිලක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ද තිබිණි.
-p.m