මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනාට පාර්ලිමේන්තුව තුළදී පහර දීලා  

Published in පුවත්
Tuesday, 03 December 2024 17:51

අද (03) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාල පරිශ්‍රයේදී තමන්ට පහරදීමක් සිදුකළ බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කළේ සුජිත් නමැති පුද්ගලයෙක් තමන්ට පහරදුන් බවය.

"මම 2:30ට විතර විපක්ෂ නායක කාර්යාලයට ගියා. මම ඇහුවා කොහොමද මේ ටයිම් එක allocate කරන්නේ කියලා. අද දවසේ මට කිසි දෙයක් සන්නිවේදනය කරලා තිබුණේ නැහැ. හෙට මගේ වෙලාව තියෙනවාද ? නැද්ද ? කියලා අහන්න ගියා. එතන නිලධාරීන් හිටියා. ඔවුන් වෙනත් කාමරයකට මාව එක්කන් ගියා. ඒගොල්ලෝ කිව්වා හෙට හවස 4ට වගේ මට දෙන්න පුළුවන් කියලා."

"මං ඇහුවා ඒ පිළිවෙල ඕගොල්ලෝ කොහොමද හදන්නේ කියලා. එතකොට සුජිත් කියලා පුද්ගලයාටයි තව කෙනෙකුටයි ගිහින් කතා කරන්න කිව්වා. ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ කියලා."

"එතකොට මං කිව්වා ඒගොල්ලොන්ට තනි තීරණයක් ගන්න බැහැ. පක්ෂ නායකයෙක් විදියට මට ඒකට උත්තර දෙන්න ඕනේ කියලා. එතකොට සුජිත් කියන පුද්ගලයා මට ගැහුවා. මට මෙයාට ගහන්න ඕනේ නැහැ. මෙයා මගේ තාත්තාගේ වයස. ඒ නිසා ගැහුවේ නැහැ."

පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාගේ අසුනේ අසුන් ගැනීමේ සිද්ධියක් වාර්තා වූ අතර පසුව එම සිද්ධිය දැන් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්විය.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඉකුත් 25 වනදා පාර්ලිමේන්තුවේ පැවැත්වූ දැනුවත් කිරීමේ වැඩමුළුවේදී අදාළ සිද්ධිය ගැන සමාව අයැද සිටියේය.

 

adaderana

Last modified on Tuesday, 03 December 2024 17:52

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us