පුංචි ජන්දය ගැන අවසන් තීරණය ලබන සතියේ

Published in පුවත්
Saturday, 30 November 2024 10:21

පළාත්‌ පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන්‌ අවසන්‌ තීරණයක්‌ ගැනීම
'සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක්‌ ලබන සතියේදී පැවැත්වීමට නියමිතය

'සභා නායක අමාත්‍ය බිමල්‌ රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්‌ පැවැත්වෙන මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන
සියලුම දේශපාලන පක්ෂවල නායකයෝ සහභාගි වෙති.

එහිදී ගනු ලබන තීරණ මත පදනම්ව පළාත්‌ පාලන මැතිවරණයේ නාම යෝජනා සම්බන්ධයෙන්‌ අවසාන එකඟතාවයකට එළැඹීමට
නියමිත බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේ රත්න මහතා පැවසීය

පළාත්‌ පහළ මැතිවරණයට කැඳවූ නාම යෝජනා අවලංගු කරන ලෙස දේශපාලන පක්ෂ රැසක්‌ රජයෙන්‌ දැනටමත්‌ ඉල්ලීම්‌ කර ඇත.

පළාත්‌ පාලන මැතිවරණය මුලින්‌ පැවැත්වීමට මැතිවරණ කොමිසම කටයුතු කළ ද මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන්‌ මැතිවරණය
පැවැත්වීම මැතිවරණ කොමිසම විසින්‌ අත්හිටවනු ලැබීය.

'මේ අතර පළාත්‌ පාලන මැතිවරණය ඉතා කඩිනමින්‌ පවත්වන බව මැතිවරණ කොමිෂන්‌ සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා
පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව එම මැතිවරණය කඩිනමින්‌ පැවැත්විය යුතු බවද ඔහු කීවේය.

'පළාත්‌ පාලන ආයතන 340 ක්‌ සඳහා අපේක්ෂකයන්‌ 8,711ක්‌ තෝරා ගැනීම වෙනුවෙන්‌ පළාත්‌ පාලන මැතිවරණයට පසුගිය වසරේ
අප්‍රේල්‌ මාසයේදී නාමයෝජනා කැඳවනු ලැබූ අතර, ඒ සඳහා අපේක්ෂකයෝ 80,672 දෙනෙක්‌ ඉදිරිපත්ව සිටියහ.

'මහ නගර සහභා 24ක්‌, නගර සභා 41ක්‌ සහ ප්‍රාදේශීය සභා 275 ක්‌ සඳහා මෙම පිරිස ඉදිරිපත්‌ වී සිටිති.

පළාත්‌ පාලන මැතිවරණ සඳහා නාම යෝජනා බාර දුන්‌ පිරිස අතර රාජ්‍ය සේවකයෝ තුන්දහසක පමණ පිරිසක්‌ ද සිටිති.

නාම යෝජනා දුන්‌ මෙම පිරිසෙන්‌ අටදහසක පමණ පිරිසක්‌ විදේශගත වී හෝ මියගොස්‌ හෝ සිටින බව පළාත්‌ සභා හා පළාත්‌ පාලන
අමාත්‍යාංශය පවසයි.

'මේ අතර අපේක්ෂකයන්‌ දෙදහසකට වැඩි පිරිසක්‌ පසුගිය කාල සීමාවේදී පක්ෂ මාරු කර ඇතැයිද අමාත්‍යාංශයට තොරතුරු
'අනාවරණයවීඇත.

ඇල්පිටිය හැර සියලු පළාත්‌ පාලන ආයතන දැනට පවතින්නේ කොමසාරිස්‌ පාලනය යටතේය.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us