පාර්ලිමේන්තුවට අලුත් අත්දැකීමක්  

Published in පුවත්
Wednesday, 20 November 2024 09:43

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග ඇතුළු අත්‍යවශ්‍ය ලේඛන සියල්ල බ්‍රේල් ක්‍රමයට සකස් කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ දෘශ්‍යාබාධිත තැනැත්තකු වන සුගත් වසන්ත ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස පත් කිරීම නිසා ය. පාර්ලිමේන්තුවේ එදිනෙදා සම්මත කරන පනත් කෙටුම්පත් සියල්ල ද එම ක්‍රමයට සකස් කෙරේ. මෙම ලේඛන සියල්ල බ්‍රේල් ක්‍රමයට සකස් කිරීම සඳහා සැලකිය යුතු කාලයක් ගත වන බවත් එය කළ හැකි ආකාරය සම්බන්ධයෙන් දැනටම උපදෙස් ලබා ගනිමින් සිටින බවත් මේ පිළිබඳ අප කළ විමසුමකට පිළිතුරු දුන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න සඳහන් කළේය.

එවැනි ලේඛන පරිශීලනයට අවස්ථාව ලබා ගැනීම දෘශ්‍යාබාධිත මන්ත්‍රිවරයාගේ අයිතියක් බවත් මෙම කටයුතු සම්බන්ධයෙන් ගත යුතු පියවර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සාකච්ඡා කිරීමට නියමිත බවත් නියෝජ්‍ය මහලේකම්වරයා සඳහන් කළේය.

මෙම මන්ත්‍රිවරයාගේ ඉල්ලීම මත පාර්ලිමේන්තු සභා ගර්භයට ඇතුළු වන ස්ථානයේම ආසනයක් වෙන් කෙරෙන අතර මන්ත්‍රිවරයා වෙනුවෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයෙක් ද වෙන් කෙරේ. ඉදිරිපත් කෙරෙන ලේඛන සම්බන්ධයෙන් මන්ත්‍රිවරයා දැනුවත් කිරීම එම සාමාජිකයාට පැවරී තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us