හෙට ඡන්දයට ඡන්ද මධ්‍යස්ථාන සුදනම් කරයි

Published in පුවත්
Wednesday, 13 November 2024 07:43

මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම අද (13) දවස පුරා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා මෙම කටයුතු සිදුවන බවයි එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ.

"හෙට දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13,314 සඳහා යොමු කළ යුතු සියලූම නිලධාරීන් සහ ඡන්ද පෙට්ටි, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම අද දිනයේ දී දිවයිනේ පිහිටි පරිශ්‍ර 49ක දී සිදුකරනවා. මැතිවරණ කොට්ඨාස 22ට අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක දී මෙම නිකුත් කිරීමේ කටයුතු සිදුකරනු ලබනවා. අද උදේ 7 සිට එම කටයුතු ආරම්භ කරන අතර සියලුම ඡන්ද මධ්‍යස්ථානවල වැඩකරන කාර්ය මණ්ඩල සඳහා පෙරහුරුවක් සිදුකරනවා."

මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා දිවයිනේ මුළු ඡන්ද කොට්ඨාසවල පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 64,000ක් පමණ පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසීය.

මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නියෝජිතයින් 6,000ක පමණ පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

මේ අතර හෙට (14) දිනයේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මහ මැතිවරණය පැවැත්වෙන බැවින් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැතිවරණ රාජකාරි සඳහා යොදවා තිබීම හේතුවෙන් එම සේවාවන් ක්‍රියාත්මක නොවන බවයි.

-p.m

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

දැන් ගැහැණු අමුතුය

දැන් ගැහැණු අමුතුය

ජීවිතයේ සියලුම කඩා වැටීම්, අසමත්වීම්, හඬන්නට උවමනා වන මොහොතුත් අතරින් පවා, දැන් ගැහැණු අමුතුය. ඔවුන්...

Connet With Us