පෙරැළි රැසක කසකාරයකු වූ ඇඩ්වර්ටයිසිං රෝහිතට අලුත් අභියෝගයක්   Featured

Published in පුවත්
Saturday, 09 November 2024 14:50

වෙළඳ වැඩසටහන් නිර්මාණකරණයේ සහ දේශපාලන දැන්වීම් ක්ෂේත්‍රයේ 'ඇඩ්වර්ටයිසිං රෝහිත' නමින් ප්‍රකට සමන් රෝහිත සිල්වා සැලසිනේ ආයතනයේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත.


ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත අමාත්‍ය විජිත හේරත් විසින් අදාළ පත්විම සිදුකර ඇත.

සමන් රෝහිත සිල්වා විසින් මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුම වෙනුවෙන් නිර්මාණය කරන ලද 'මහින්ද චින්තනය' දශකයකට වැඩි කාලයක් ජනප්‍රියතම තේමා පාඨයක් විය. රාජපක්ෂ පාලන පෙරළ දැමීම වෙනුවෙන් එජාපයට නිර්මාණය කළ 'බල පෙරළියට කොළ එළියක්', සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ සටනේ 'ජයග්‍රාහී SF මෙහෙයුම සූදානම්', මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් 'මෛත්‍රී වේවා'. රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ 'ගරු රනිල්', ශ්‍රී ලනීපය වෙනුවෙන් 'පක්ෂය හරි අතට', ජවිපෙ වෙනුවෙන්  'ගම ජවිපෙට දීලා බලමු' වැනි තේමා පාඨ මෙරට ජන මතය වෙනස් කරලීම සඳහා ඉතා බලපෑම් සහගත විය. එමෙන්ම වත්මනෙහි බලය හොබවන ජාතික ජන බලවේගය වෙනුවෙන්ද නිර්මාණ ගනනාවක් සිදු කිරීමට දායක විය. ඔහු වැදගත්ම දේ මේ ප්‍රචාරක ව්‍යාපෘති සියල්ලම පැවැතුනු බලගතු දේශපාලනික තත්වයන් වෙනස් කිරීම සඳහා වන අභියෝගාත්මක මෙහෙයුම් වීමය. මීට අමතරව ජනප්‍රිය වෙළඳ දැන්වීම් සිය ගනනක් ඔහු අතින් නිර්මාණය වී තිබේ.

සමන් රෝහිත සිල්වා මෙරට දේශපාලන සංස්කෘතිය යහපත් ලෙස වෙනස් කරලීම වෙනුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු ලෙසද පසුගිය කාලයේ වැදගත් කාර්යභාරයක නිරත විය. දැන්වීම් ප්‍රචාරක ක්ෂේත්‍රයේ සිය හසල දැනුම සහ භාවිතය සැලසිනේ ආයතනය මෙරට දැන්වීම් ප්‍රචාරක කර්මාන්තයේ ප්‍රබලම ආයතනයක් බවය පත්කරවීමේ ඉහළම සුදුසුකම් ඔහු සතුව ඇතිවාට සැක නැත.

රාජ්‍ය අනුග්‍රහය යටතේ සැලසිනේ ආයතනය 1982 වසරේ ආරම්භ කළ අතර එවක අමාත්‍යවරයකු වූ ගාමිණී දිසානායක ගේ මගපෙන්වීම යටතේ සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විය.

එකල සැලසිනේ ආයතනයේ මූලිකම අරමුණ වූයේ මහවැලි ව්‍යාපාරයේ මාධ්‍ය ඒකකය වශයෙන් කටයුතු කිරීමය. පසුකාලීනව විවිධ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මකව වර්තමානයේ ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකය.

කෙසේ වුවද රාජ්‍ය ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීම නිසා එම ආවේනික දුර්වලකම් හේතුවෙන් විටින් විට පාඩු ලබන ආයතනයක් ලෙස පැවැතිනි. මෙය භාණ්ඩාගාරයෙන් මුදල් ලබන ආයතනයක් නොවූවද සේවකයින්ගේ වැටුප් ගෙවීම් කටයුතු වලදී මහා භාණ්ඩාගාරය හරහා අරමුදල් ලබාගැනීමටත් පසුකාලීනව සිදුව තිබුණි.

ඒ නිසාම මේ වන විට සැලසිනේ ආයතනය සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේ අමාත්‍යාංශය, දෙපාර්තමේන්තු, ව්‍යාපාරික මණ්ඩල වැනි සියලු අංශවල ප්‍රචාරණ කටයුතු මූලික වශයෙන් මෙම ආයතනය හරහා සිදු කරගත යුතු බව පාර්ලිමේන්තු නිවේදනයකින් අදාළ රාජ්‍ය අංශයේ දෙපාර්තමේන්තු හා සංස්ථා දැනුවත් කර ඇත.

එමෙන්ම රාජ්‍ය අංශයටම පමණක් සීමා නොවී පෞද්ගලික අංශය සමඟත් වරින්වර ඔවුන් ප්‍රචාරණ කටයුතු සිදුකරනු ලබන අතර රූපවාහිනි වැඩසටහන්, වෙළෙඳ දැන්වීම් ආදිය ද එමගින් සිදුකරනු ලබයි.

තිස් වසරක් පුරා විවිධ සභාපතිවරුන් යටතේ පැමිණ තිබෙන සැලසිනේ ආයතනය යළි ශක්තිමත්ව ගොඩ නැංවීම වෙනුවෙන් සමන් රෝහිත සිල්වා පත් කිරීම නිවැරදි තීරණයක් මෙන්ම ඔහුට ලැබුණු සුදුසුම වගකීමක්ද වේ.

saman r

Last modified on Saturday, 09 November 2024 14:54

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

දැන් ගැහැණු අමුතුය

දැන් ගැහැණු අමුතුය

ජීවිතයේ සියලුම කඩා වැටීම්, අසමත්වීම්, හඬන්නට උවමනා වන මොහොතුත් අතරින් පවා, දැන් ගැහැණු අමුතුය. ඔවුන්...

Connet With Us