ඊට අදාල දුරකතන චැට් තමා සතු බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු අපේක්ෂක ඉන්ද්‍රානන්ද ද සිල්වා පවසන්නේ.
තමන් පවසන්නේ අසත්‍ය නම් නඩු දමන ලෙස අභියෝග කරන බවත් ඔහු සඳහන් කරනවා.
ඔහු අවධාරණය කරන්නේ ඩඩ්ලි සිරිසේනලා විසින් ජනාධිපතිවරුන් පත් කිරීමට ධනය විසි කරන බවත්, රත්න සහල් අධිපති විසින් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට කෝටි 50ක් ලබා දුන් බවත්ය.
අනුර දිසානායක ජනාධිපති ධුරයට පත් වූ පසු කෙඳිරියක් පවා නොමැතිව සිටින්නේ මුදල් ගත් නිසා බවත් ඔහු පැවසුවේ ජන අරගල සන්ධානය විසින් සංවිධානය කර තිබූ ගම්පොළ ප්‍රදේශයේ ජනහමුවක් අමතමින්.
එමෙන්ම දිලිත් සහ රන්ජන් සල්ලි ගරන හැටිත් ඔහු මෙහිදී අවධාරණය කළා.
-p.m