ජපුර මහා ශිෂ්‍ය සංගමය විරෝධතාවයක

Published in පුවත්
Tuesday, 05 November 2024 17:20

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය අද (05) දහවල් කොළඹදී විරෝධතාවයක නිරත විය.

පසුව ඔවුන් විරෝධතා පාගමනක නිරතවෙමින් විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපිට සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණ තිබුණි.

උපකුලපති, විගණකාධිකාරී, කළමනාකරණ පීඨාධිකාරීන්ගේ උවමනාව මත ශිෂ්‍ය සංගම් මර්දනය කිරීම සඳහා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ වහා හකුලා ගන්නා ලෙස බලකරමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.

කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනම ඉවත් කළ යුතු බවද විරෝධතාවයේ නිරත සිසුන් පැවසීය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසලට පැමිණි සිසුන් එහිදී විරෝධතාවක නිරත වූ අතර පසුව සිසුන් 6 දෙනෙකුට නිලධාරීන් සමග සාකච්ඡාවක නිරතවීමට අවස්ථාව හිමිවිය.

-p.m

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us