සුදු කෙස් කළු කරන ,තට්ටයට විසදුම් ලැබෙන බව කියා මිනිසුන් රැවට්ටු හොර තෙලක් මාට්ටු

Published in පුවත්
Tuesday, 05 November 2024 11:03

සුදු කෙස් ස්ථිරවම කළු කරන බවට සහ තට්ටයේ අලුතෙන් කෙස් වැවෙන බව සඳහන් කරමින් හිසේ ආලේප කරන ව්‍යාජ තෙල් වර්ගයක් සමාජ මාධ්‍ය භාවිත කරමින් මාර්ගගත ක්‍රමයට (Online) අලෙවි කරන ලද ආයතනයකට විරුද්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නීතිමය පියවර ගෙන ඇත.

සිංහරාජ සිලෝන් හර්බල් නමැති පුද්ගලික සමාගමක් විසින් නිෂ්පාදනය කර අලෙවි කරන හිසේ ආලේප කරන තෙල් වර්ගයක් පිළිබඳ ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පසුගියදා දැනුම් දුන්නේය. රසායන කිසිවක් නොමැති “හෙයාර් කෙයාර් ඔයිල් (බ්ලැක් ඔයිල්)’’ නමින් මෙම හිස ගල්වන තෙල් වර්ගය සමාජ මාධ්‍ය භාවිත කර මාර්ගගත ක්‍රමයට අලෙවි කර තිබුණි.

අකලට සුදු වූ කෙස් නැවත කළු කරන බවත්, තට්ටයේ අලුතෙන් කෙස් වැවෙන බවටත්, කොණ්ඩය වැවීම වේගවත් කරන බවටත් සඳහන් කරමින් මෙම ව්‍යාජ තෙල් වර්ගය අදාළ සමාගම විසින් ෆේස් බුක් සහ වට්ස් ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කර තිබූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියයි.

පාරි‍භෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම නිෂ්පාදනය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නිෂ්පාදනයක් නොවන බවය. එමෙන්ම, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙනත් ආයතනයක් මගින් නිපදවන නිෂ්පාදනයක් මෙලෙස අනුකරණය කර ව්‍යාජ නිෂ්පාදනයක් සකසා සමාජ මාධ්‍ය තුළ මෙලෙස අලෙවි කරන බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තහවුරු කරගෙන තිබේ.

ව්‍යාජ නිෂ්පාදනය සිදුකළ සමාගමට විරුද්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමෙන් පසුව අදාළ සමාගමට රුපියල් දස දහසක දඩයක් පනවා සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන අසත්‍ය ප්‍රචාර වහාම නතර කරන ලෙස නියෝග කෙරිණි.

අදාළ නිෂ්පාදනයේ රසායනාගාර වාර්තා අද (05 වැනිදා) දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නියෝග කර තිබේ.

-p.m

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us