විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම අත්හිටුවයි

Published in පුවත්
Tuesday, 05 November 2024 09:40

ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම නවතා එහි අත්‍යවශ්‍ය ප්‍රතිංස්කරණය ඉදිරියට සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත්තේ පසුගිය මස 23 වන දින සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පවත්වන සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවය.

ඒ අනුව සේවාවේ ගුණාත්මකභාවය වැඩි කිරීම, පාරිභෝගික තෘප්තිමත්භාවට ඉහළ අගයක පවත්වාගෙන යෑම, ආයතනයට සාධාරණ ලාභයක් ලැබීම, ඉන් සමාජ ආර්ථිකවට ඉහළ ප්‍රතිලාභයක් ලැබීමට සහ සේවකයින්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමත් යන කාලීන ඇගයීම් සිදුකරමින් ආයතනික ප්‍රතිසංස්කරණ කිරීමට කෙරෙහි අවධානය යොමුව තිබේ.

එමෙන්ම විදුලිබල පනත සංශෝධනය කිරීමට සහ රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ජාලය පෞද්ගලීකරණය නොකර පූර්ණ ලෙස රජයට අයත් ස්වාධීන පද්ධති ක්‍රියාකාරිත්වයක් මත ක්‍රියාත්මක කරවීමටත් මෙහිදී තීරණය වී තිබේ.

එහිදී තනි ගැනුම්කරු මාදිලියක් තුළ තුළ ජනන, සම්ප්‍රේෂණ, බෙදාහැරීම් අංශ මූල්‍ය හා කාර්ය පරිපාලන වශයෙන් ස්වාධීන යාන්ත්‍රණයක් පුළුල් මහජන හා පාර්ශවකරුවන්ගේ උපදේශනයක් තුළ ස්ථාපිත කිරීමටත් යෝජනා වී තිබේඑමෙන්ම ඉදිරි වසර පහ තුළ කළාපයේ අඩුම විදුලි පිරිවැය සහිත රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමටත් මෙහිදී සාකච්ඡා වී තිබේ.

 -p.m

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us