ශ්‍රී ලංකාවේ ආර්ථික නිදහස තවත් අඩුවේ   Featured

Published in පුවත්
Saturday, 02 November 2024 19:25

ආර්ථික නිදහස පිළිබඳ ජාත්‍යන්තර දර්ශකයෙන්‌ (The Index of Economic Freedom - The Heritage Foundation) ශ්‍රී ලංකාව ලෝකයේ රටවල්‌ අතර තවදුරටත්‌ පහළට දමා ඇත. ලෝ ප්‍රකට හෙරිටේජ්‌ ෆවුන්ඩේෂන්‌ ආයතනය රටවල්‌ 184ක්‌ යොදාගෙන මෙම ගණනය කිරීම කර ඇත.

ශ්‍රී ලංකාව පසුගිය වසරේදී ආර්ථික නිදහස පිළිබඳ දර්ශකය අනුව සිටියේ 136 වැනි ස්ථානයේය. එම ස්ථානය මේ වර්ෂය වනවිට 149 දක්වා ඉහළ ගොස්‌ ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ
ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීප පුවත් පතට ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව ආර්ථික නිදහස පිළිබඳ දර්ශකය තුළ 2010 වර්ෂය වන විට සිටියේ 95 වැනි ස්ථානයේ බවත්‌ 2020 වන විට එය 117 වැනි ස්ථානය දක්වා ඉහළ ගිය බවත්‌ ඔහු කීවේය.

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන්‌ ආසියානු පැසිපික්‌ කලාපයේ රටවල්‌ 39 අතර ශ්‍රී ලංකාව සිටින්නේ 34 වැනි තැන බවද වසන්ත අතුකෝරල මහතා පැවසීය.

හෙරිටේජ්‌ ෆවුන්ඩේෂන්‌ ආයතනය නීතියේ ආධිපත්‍යය, රජයේ ක්‍රියාකාරීත්වය, නියාමන කාර්යක්ෂමතාව සහ විවෘත වෙළදපොළ යන ප්‍රධාන විචල්‍යයන්‌ හතරක්‌ පදනම්‌ කරගෙන මෙම ගණනය කිරීම කර ඇත.

මෙම දර්ශකය අනූව ඉන්දියාව 126 වැනි ස්ථානයේද නේපාලය 130 වැනි ස්ථානයේ ස්ථානයේද පකිස්ථානය 147 වැනි ස්ථානයේද පසුවන බව පැවසේ.

ස්විට්සර්ලන්තය සිංගප්පූරුව අයර්ලන්තය තායිවානය ලක්ෂෙම්බර්ග්‌ නවසීලන්තය ආර්ථික නිදහස ඉහළින්ම ඇති රටවල්‌ ලෙස එම ආයතනය හඳුන්වා දී ඇත.

දේශීය ආයෝජනය ශක්තිමත්‌ නොවීම සහ විදේශීය ආයෝජකයන්‌ සැලකිය යුතු පරිදි රට තුළට නොඒම වැනි කාරණාද ශ්‍රී ලංකාව මෙම දර්ශකයෙන්‌ පහළ යෑමට ප්‍රධාන වශයෙන්‌ තුඩුදී ඇතැයි සැලකේ..

 

world rankings sri lanka 1world rankings sri lanka 2 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us