ආණ්ඩුව හා IMF අතර සාකච්ඡාවල අලුත් තත්වේ මොකක්ද?

Published in පුවත්
Wednesday, 30 October 2024 10:43

ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර සාකච්ඡා සම්පූර්ණයෙන් ම වගේ අවහිර වූ තත්වයක් මතුව ඇතැයි ජාත්‍යන්තර දේශපාලන කටයුතු පිළිබඳ විශ්ලේෂකයකු වන කෙෂාල් ජයසිංහ පැවසී ය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ‘සිලින්ඩරය’ ලකුණ යටතේ කොළඹ දිස්ත්‍රීක්කයට ඉදිරිපත්ව සිටින කෙෂාල් ජයසිංහ ඒ බව සඳහන් කර සිටියේ නාවල සිය නිවසේ පැවති ඊයේ (29) පැවති තරුණ ක්‍රියාකාරීන්ගේ හමුවක් අමතමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ කෙෂාල් ජයසිංහ...

ජනතාව කුතුහලයට පත්වෙලා

‘‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවක් සඳහා ආණ්ඩුවේ නියෝජිත පිරිසක් වොෂින්ටන් ගියා. එම නියෝජිත පිරිස ලංකාවට පැමිණීමත් සමග බොහෝ දෙනෙක් විශ්වාස කරේ රටේ මුදල් ඇමති විදියට ජනාධිපති අනුර දිසානායක ජාතිය අමතලා ඒ සාකච්ඡාවල ප්‍රගතිය මහජනතාවට දැනුම් දෙයි කියලා. අලුත් ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාවලිය සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථාවරය මොකක් ද කියන එක සම්බන්ධයෙන් හැමෝට ම තියෙන්නෙ කුතුහලයක්. ඊළඟ වාරිකය ලංකාවට ලැබෙයි ද, ලංකාවට එය ලැබෙනවා නම් ලැබෙන්නේ කුමන කාල පරාසයක් තුළ ද, ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවන අලුත් කොන්දේසි මොනව ද කියන කාරණා සම්බන්ධයෙනුත් ජනතාව තුළ කුතුහලයක් පවතිනවා.

ආණ්ඩුව සහ IMF අතර සාකච්ඡා ගැන ජනතාව අවදියෙන්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රැස්වීමක දි කියල තිබුණා නව ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාවලිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ජනාධිපති සතු කාර්යයභාරයක් කියල. ඔහු වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් කිව්වේ ඔහු මුදල් ඇමති අවධියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක කරපු පළමු සාකච්ඡාවේ ඉඳල ජනාධිපති ධුර කාලය අවසන් වන තෙක් පැවති හැම හමුවක දි ම, හැම එකඟතාවක ම අඩංගු කරණු පිළිබඳ පාර්ලිමේන්තුවයි මහජනතාවයි දැනුවත් කරපු විදිය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති අනුර දිසානායකගෙන් ඉල්ලා සිටියේ රටේ ආර්ථික ක්‍රියාවලිය සම්බන්ධව මහජනතාව දැනුවත් කරන්න කියල. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාර විශ්ලේෂණයෙන් ඉවත් වෙනවා ද, උපයන විට බදු අඩු කරනවා ද, එකතු කිරීම මත අගය එකතු කරන බදු අඩු කරනවා ද? ඒ වගේ ම දෙදහස් විසි පහ වසරේ ආණ්ඩුවේ දළ මූල්‍ය අවශ්‍යතාව කොපමණ ද, ඒ අවශ්‍යතා සපුරා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව මහජනතාව ආණ්ඩුවෙන් පිළිතුරක් අපෙක්ෂාවෙන් ඉන්නවා.’’


Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us