තමන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේ නම් ලබන ජනවාරි මාසයේ සිට එම වැටුප් වැඩිවීම ලබාදීමට සැලසුම් කර තිබූ බවත් වැටුප් වැඩිවීම ලබා නොදෙන්නේ නම් ඒ සඳහා වෙන්කර ඇති මුදල් කොහිදැයි රජය වහා හෙළිකළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
රාජ්‍ය සේවක වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ අද (23) පැවති විශේෂ සාකච්ඡාවකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.
කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.