විදේශිකයන්ගේ ආරක්ෂාව සඳහා කඩිනමින් විශේෂ වැඩපිළිවෙළක් Featured

Published in පුවත්
Wednesday, 23 October 2024 11:35

විදේශිකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය නිවේදනය කරයි.

මැදපෙරදිග මෙන්ම නැගෙනහිර යුරෝපයේ පවතින යුදමය වාතාවරණය සැලකිල්ලට ගනිමින් ඔවුන් මෙම පියවර ගෙන තිබේ.

පොලීසිය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

- උපුටාගැනීම -

ඉදිරි සංචාරක වාරය තුළ විදේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවට මේ වන විට ලැබී තිබෙන තොරතුරු මඟින් නිරීක්ෂණය වී ඇත.

මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳව විදේශීය ජාතිකයින් ඇති කර ගනු ලබන විශ්වාසය මෙන්ම ගෞරවයටද මහඟු අවස්ථාවක් උදාවීමකි.

විදේශීය සංචාරකයින්ගේ ආකර්ශණය පවතින රාජ්‍යක් ලෙස මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව, ඔවුන් අපේක්ෂා කරන සතුට විනෝදය මෙන්ම දැනුම නිදහස්ව ලබා ගැනීමට අවශ්‍ය පරිසරය සැකසීම අප කාගේත් වගකීමක් බවට පත් වේ.

ඒ අනුව මැදපෙරදිග මෙන්ම නැගෙනහිර යුරෝපයේ පවතින යුධමය වාතාවරණය ද සැලකිල්ලට ගෙන විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ මෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් හා සම්බන්ධීකරණය මත ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ විශේෂ වැඩ පිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙහිදී පොලිස් සංචාරක කොට්ඨාසය තවදුරටත් ශක්තිමත් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර සියලුම පොලිස් ස්ථාන වලට මේ පිළිබඳව විශේෂ උපදෙස් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත් කිරීමට නියමිතය. මේ මූලික පියවරක් වශයෙන් ඕනෑම සංචාරකයෙකුට ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වන ගැටලුවක් පිළිබඳව 1997 දරණ ශ්‍රී ලංකා පොලිසියේ කෙටි දුරකථන අංකයට දැනුම් දීමේ අවස්ථාව අද දින සිට උදා වනු ඇත.

සංචාරක හෝටල් හිමිකරුවන්, මෙන්ම ඒවායේ කාර්ය මණ්ඩලයන්, ඒවාගේම ක්ෂේත්‍රයේ නියුතුව සිටින සියලුම පුද්ගලයින් මේ වන විටත් කරගෙන යනු ලබන කාර්යභාරය ඉතා අගය කරනු ලබන අතර ඉදිරියේදී සංචාරකයන්ගේ ජීවිත හා දේපල ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ සීමාව තුළ ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් ක්‍රියා කරනු ඇතැයි පොලිසිය අපේක්ෂා කරනු ලබයි. ඕනෑම අවස්ථාවක ඔවුන්ට අයත් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානයන් සම්බන්ධීකරණය කර ගැනීමෙන් කටයුතු කළ හැකි අතර ඉදිරියේදී ඒ පිළිබඳව අවශ්‍ය උපදෙස් පොලිස් ස්ථානයන් වෙත ලබා දෙනු ඇත. බාහිර සොර සතුරන්ගෙන් ඇති විය හැකි තර්ජනයන් මෙන්ම යම් යම් සේවකයන්ගෙන්ද ඇති විය හැකි කරදර හිරිහැර පිළිබඳව මෙහිදී සියළු පාර්ශවයන් අවධානය යොමු කළ යුතු අතර ශ්‍රී ලංකා පොලීසිය නව වැඩපිළිවෙලක් සහිතව මේ පිළිබඳව ඉදිරියේ දී ක්‍රියා කරනු ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය.

-උපුටා ගැනීම අවසන් -

මේ අතර ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස අමෙරිකානු ජාතිකයින්ට සහ මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරින්ට මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබේ.

ඒ ආරුගම්බේ සංචාරක කලාපය ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බවට විශ්වාසනීය තොරතුරු තමන් වෙත ලැබී ඇතැයි පවසමිනි.

-p.m

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us