අද සිට ප්‍රදේශ කිහිපයක අඩු මිළට පොල් ලබාදීමේ වැඩසටහනක්

Published in පුවත්
Wednesday, 23 October 2024 10:03

පවතින පොල් මිල හමුවේ පාරිභෝගික ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතාවයට විසඳුමක් ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් ජංගම අලෙවි රථ වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

අද (23) දිනයේ එහි පළමු අදියර කොළඹ, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ, කඩුවෙල නගර සභා බල සීමා මුල්කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙයි.

මෙහිදී පොල් ගෙඩියක් රු 100ත් 120ත් මිලකට පාරිභෝගිකයින්ට ලබාදීමට නියමිතය.

කොළඹ බල ප්‍රදේශයේ වැලිකඩ පොලීසිය අසලත්, කිරුළපන පොදු වෙ‍ෙළඳපොළ සහ මුදල් අමාත්‍යාංශ පරිශ්‍රය ආසන්නවත් ජංගම ලොරි රථ මගින් බෙදාහැරිම් සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ නගර සභා සීමාවට අයත් වැලිකඩ පොලීසිය ආසන්නව සහ නුගේගොඩ ආනන්ද සමරකොන් එළිමහන් රංග පීඨය අසල ද පොල් බෙදාහැරිමේ ජංගම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

කඩුවෙල සහ බත්තරමුල්ල බල ප්‍රදේශයන් ආවරණය කරමින් සෙත්සිරිපාය රජයේ කාර්යාල පරිශ්‍රය ආසන්නව සහ ඩෙන්සිල් කොබ්බෑකඩුව පොල් වගාකිරීමේ මණ්ඩලය පිහිටි ස්ථානය ආසන්නව පාරිභෝගිකයින්ට පොල් මිලදී ගැනීමට පහසුකම් සපයා ඇති බව දැනුම් දී තිබේ.

ප්‍රධාන නගරයන් හිදී ජනතාවට සහන ක්‍රමයකට පොල් මිලදී ගැනීමට ඒ අනුව අවස්ථාව ලැබෙනු ඇත.

පසුව සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් දිනකට පොල් ගෙඩි දසදහසක් (10,000) වෙ‍ෙළඳපොළට එක් කරන අතර සඳුදා, බදාදා සහ සිකුරාදා දිනයන්වල පසුව ක්‍රමිකව දිනකට පොල් ගෙඩි පන්දහ (5000) බැගින් සතියකට පොල් ගෙඩි 15,000 ක් පාරිභෝගික ඉල්ලුම අනුව වෙළඳපොලට යොමු කරනු ඇත.

මීට අමතර කුරුණැගල වැවිලි සමාගම මැදිහත්ව ඊයේ (22) දින පොල් ගෙඩි 1500 බැගින් දිනපතා සැපයිමට කටයුතු සුදානම් කර ඇති අතර අද සිට හලාවත වැවිලි සමාගම දිනකට ගෙඩි 3000 බැගිනුත් දිනපතා ලබාදීමට එකඟ වී තිබේ.

-p.m

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us