ගුවන් ගමන් බලපත්‍ර තොගය මෙරටට හිමිවූයේ පසුගිය රජයේ මහන්සියේ ප්‍රතිඵලයක් ලෙසයි - ටීරාන් අලස් Featured

Published in පුවත්
Tuesday, 22 October 2024 10:38

විදෙස් ගුවන් ගමන් බලපත්‍ර තොගය මෙරටට හිමිවූයේ වත්මන් රජයේ මහන්සියෙන් නොව පසුගිය රජයේ තම මූලිකත්වය මත ගත් තීරණයක ප්‍රතිඵලයක් ලෙසින් යැයි හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පැවැසීය.

විදෙස් ගුවන් ගමන් බලපත්‍ර ප්‍රශ්නය සහ නව ගුවන් ගමන් බලපත්‍ර තොගය ලැබීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් කළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් හිටපු ඇමැති ටිරාන් අලස් මේ බව කියා සිටියේය.

ගුවන් ගමන් බලපත්‍ර ලබාදීම වසර විසි එකක කාලයක් එකම සමාගමක් විසින් සිදුකර තිබෙනවා. ඒ සමාගම මේ කාලය තුළ පාස්පෝට් පොත් එක් කෝටි දස ලක්ෂයක් ලබාදීල තියෙනවා. විද්‍යුත් පාස්පෝර්ට් නිකුත් කිරීමේ අවශ්‍යතාව මත දෙස් විදෙස් සමාගම්වලින් ඊ පාස්පෝර්ට් සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදුකර, සමාගම් තුනක් අතරින් තෝරාගත් සමාගමකින් පාස්පෝර්ට් පොත් ලක්ෂ පහක ප්‍රමාණයක් එක් හිස් පොතක් ඇමරිකන් ඩොලර් 5.6ක ලංසුවකට මිලදී ගැනීමට තීරණය කළා.

එම සමාගමේ ඇණවුම නොවැම්බර් මාසයේ දී ලැබීමට තිබුණත් හිස් පාස්පෝර්ට් ශේෂ වීම මත ඉලෙක්ට්‍රෝනික චීපය නොමැති පාස්පෝට් ප්‍රමාණයක් කඩිනමින් ලබාදෙන ලෙස අපි ඉල්ලිම් කළා. චීපය නොමැති පාස්පෝට් ප්‍රමාණයක් ලැබීමට තිබුණේ ඔක්තෝබර් 20. ඒ නිසා තමයි අපි 20 වැනිදා වෙනකල් අත්‍යවශ්‍යම අයට පමණක් පාස්පෝට් නිකුත් කිරීම සීමා කළේ. මේ පාස්පෝට් හිස් පොත් ලැබුණේ පසුගිය රජයේ මහන්සියක ප්‍රතිඵලයක් විදිහට යැයි ද ටිරාන් අලස් සඳහන් කර සිටියේය.

-p.m

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us