තවමත් මනාප අංක නිකුත් නොකිරීම කුමන්ත්‍රණයක් ද ? Featured

Published in පුවත්
Wednesday, 16 October 2024 10:06

මෙවර මහා මැතිවරණයේ අපේක්ෂකයින්ගේ මනාප අංක තවමත් නිකුත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා මැතිවරණ කොමිසමෙන් විමසීමක් කර ලිපියක් යොමුකර ඇත. එම ලිපිය පහතින් දැක්වේ.

 සභාපති,
මැතිවරණ කොමිසන් සභාව
රාජගිරිය.

මනාප අංක නිකුත් කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙනි

මෙවර මහා මැතිවරණය ප්‍රකාශිත දිනයේ සිට දින 51 කින් පවත්වන බව ඔබ ඉතා හොදින් දන්නේය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිරවණ පනතේ දින 52 ක සීමාව උල්ලංඝනය කිරිමකි.
2024 ඔක්තෝබර් 16 දින පෙ.ව. 7.30 දක්වා ද, ලංකාවේ සෑම සෑම දිස්ත්‍රික්කයකම මනාප අංක ප්‍රසිද්ධ කිරීමට මැතිවරණ කොමිසම මේ දක්වාම අසමත්වී ඇත. තව ද, ඡන්ද විමසීම් ප්‍රචාරණ කටයුතුවල දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග නිවේදනය ද මේ දක්වාම නිකුත් කර නැත.
ඒ අනුව, ඉදිරි ප්‍රචාරක කටයුතු සඳහා තවත් ඉතිරිව ඇත්තේ දින 25 කට අඩු කාලයකි.
කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල වැනි දිස්ත්‍රික්කය අති විශාල ජන ප්‍රජාවක් වෙත මනාප අංකය සන්නිවේදනය කිරීමේ අති මහත් දුෂ්කරතාවයකට එමගින් අපේක්ෂකයින් පත්ව ඇත.
අනුරාධපුර, මොණරාගල, අම්පාර, රත්නපුර වැනි භුගෝලීය වශයෙන් පැතිරුණු අන්ත දිළිදු ජනතාවක් වෙසෙන කලාපවලට මනාප අංක සන්නිවේදනය කිසි ලෙසකින් හෝ කළ නොහැකි තත්වයට අපේක්ෂකයින් ඒ අනුව පත්වේ.
මනාප අංක නිකුත් කිරීමෙන් පසුව අත්පත්‍රිකාවක්, කාර්යාලය කටවුට් එකක්, අංකය සහිත කාඩ්පතක් මුද්‍රණය කර ගැනීමට අවම වශයෙන් දින 3 ක් අවශ්‍ය වේ. පක්ෂ හා අපේක්ෂකයින් ගෙන්ගෙට යාම සිදුවන්නේ සති අන්ත සහ නිවාඩු දිනවල ය. ඒ අනුව, සමස්ත ප්‍රචාරක කටයුතු සඳහා වන කාලය දින 22 කට සීමා වේ. ගෙන් ගෙට යාම සති අන්ත දින 6 කට සීමා වේ. ඡන්ද විමසීම් ප්‍රචාරණ කටයුතුවල දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග නිවේදනය නොමැතිව මෙම සති අන්තයේ ප්‍රචාරක කටයුතු සිදු කිරීම ද ප්‍රශ්න සහගත වනු ඇත.
මෙම තත්වය මැතිවරණ කොමිසම විසින් සචේතනිකව, සැලසුම් සහගතව හා තෝරාගත් අපේක්ෂකයින් හා පක්ෂ අගතියට පත් කිරීම සඳහා දරුණු බලන උත්සාහයකි.
එක් දේශපාලන පක්ෂයක් පමණක් මනාප අංක රහිත මැතිවරණ ව්‍යාපාරයකට යොමුව ඇති පරිසරයක, මනාප අංක ප්‍රසිද්ධ කර ගැනීම සඳහා ඇති අවස්ථාව, (අනෙකුත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වෙත) තාක්ෂණික ක්‍රියාවලියක් මගින් අහිමි කිරීම සැලසුම් සහගත අගතියකට පත් කිරීමකි.
හිටපු කීර්තිමත් කථානායකවරුන් වන වි.ජ.මු. ලොකුබණ්ඩාර හෝ කරු ජයසූරිය මහත්වරුන් රටම නොව ලෝකයම දන්නේය. නමුත්, මැතිවරණයකට දී ඔවුන්ගේ අංකය ජනතාව අතරට ගෙන යා නොහැකි නම් ජනතාවට එවැනි පුද්ගලයෙකුට හෝ මනාපයක් සලකුණු කළ නොහැකිය. අපේක්ෂකයෙකු ගේ ඡන්ද සංඛ්‍යාව තීරණය වන්නේ මනාප අංකය ජනතාව අතරට සන්නිවේදනය කිරීමට ඇති හැකියාව හෝ නොහැකියාව මත ය. මුදල් සහ සම්පත් අඩු සියළු අපේක්ෂකයින් මනාප අංක ප්‍රමාද කිරීමේ ක්‍රියාවලිය තුල බලවත් අගතියකට පත් වන්නේය.
සමානුපාතික ඡන්ද ක්‍රමයේ ද, මනාප ඡන්ද ක්‍රමයේ ද, මුලික හරය වන්නේ ඡන්දදායකයින්ට කැමති අපේක්ෂකයෙකු තෝරා ගැනීම සඳහා වන අවස්ථාව ලබාදීම ය.

අපේක්ෂකයින්ට තම මනාප අංකය සන්නිවේදනයට ඉඩ අහුරණ ආකාරයෙන් මැතිවරණ කොමිසම සචේතනික ලෙස කටයුතු කිරීම එම මුලික පරමාර්ථයන් උල්ලංඝනය කිරීමකි.
මැතිවරණ කොමිසමේ කටයුතු විවේචණය කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වෙත ඔබ විසින් නිල නොවන වාරණයක් පනවා ඇති බව දනිමි. දින 51 කින් ඡන්දය පැවැත්වීම නිති විරෝධි බව හෝ කියන්නට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැලි වන්නේ ඒ නිසාය. මනාප අංක ප්‍රමාද කිරීම ගැන විරෝධය දැක්වීම තම දේශපාලන පක්ෂයට අගතියක් සිදු වීමට හේතුවක් වන බව ඔවුන් විශ්වාස කරනුයේ ඔබගේ අතීත ක්‍රියාකාරකම් හේතුවෙනි. එබැවින් මෙම විරෝධය ඔබ වෙත ලිඛිතව ඉදිරිපත් කරන බව ද, ජනගත කරන බව ද, කාරුණිකව සටහන් කර ගන්න.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් යනු ඡන්ද පෙට්ටියකට, ඡන්ද පත්‍රිකා එකතු කිරීමට එහා ගිය, සමානාත්මතාව හා සමාන අවස්ථාවන් පිළිබඳ ව්‍යවහාරයකි.

මනාප අංක නිකුත් කිරීම, පක්ෂ කාර්යාල හා ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් වන උපදෙස්, අද දිනය තුල හෝ නිකුත් කිරීමට පියවර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලමි.
මෙයට,

රජිත් කීර්ති තෙන්නකෝන්
හිටපු ආණ්ඩුකාරවර
කැෆේ සංවිධානයේ හිටපු විධායක අධ්‍යක්ෂ

පිටපත්
කොමසාරිස් ජනරාල් - සමන් ශ්‍රී රත්නායක මහතා
මැතිවරණයට තරඟ කරන සියළුම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන
සියලුම ජනමාධ්‍ය

 

-p.m

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us