ලොකු ළූණු , දුඹුරු සීනි සහ බිත්තර මිළ ගැන ගත් තීරණ කිහිපයක් Featured

Published in පුවත්
Tuesday, 15 October 2024 18:24

පසුගියදා ආහාර ප්‍රතිපත්ති කමිටුව රැස්වී තීරණ කිහිපයක් ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

එම කමිටුව ඔක්තෝබර් 04 වනදා රැස්වී තිබුණි.

එම තීන්දු පිළිබඳ අදහස් දැක්නූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා,

"ඉන් එකක් තමයි දැනට දුඹුරු සීනි මෙට්‍රික්ටොන් 25,000ක් අලෙවි කරගන්න අපහසුවෙලා තියෙනවා. ඒ පිළිබඳව තීන්දුවක් ගැනීම සඳහා අදාළ වෙළෙඳපොළ තත්ත්වයන් සහ ඒ සංචිත ප්‍රමාණයන් පිළිබඳව වාර්තාවක් ගන්නත් ඉක්මනින් එය අලෙවි කිරීම සඳහා වුණු ක්‍රියාවලියට යන්නත් තීන්දු කරලා තිබුණා."

"ඊළඟට ලොකු ළූණු නිෂ්පාදනය දැනට ලංකාව තුළ සිදුවෙන කොට ආනයනික ලොකු ළූණු නිසා ඒ අයට සාධාරණ මිලකට විකුණ ගන්න බැරි ප්‍රශ්නයක් මතු වුණා. ඒ අනුව ආනයන බද්ද වැඩිකළා. රුපියල් 10ක් ආනයන බද්ද තියෙන කොට ගෙන්වීමේ සී.අයි.එෆ් වැලිව් එක 145යි. එහෙම ගත්තොත් රුපියල් 155ක් තියෙද්දිත් වෙළෙඳපොළේ බී ළූණු කිලෝ එක්ක විකිණෙන්නේ රුපියල් 300කට වගේ ඉතින් මෙත අසාධාරණයක් තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව වහාම වාර්තාවක් ඉදිරිපත් කරන්න මේ කමිටුවට නිර්දේශ කරලා තිබුණා. මේක කොහොමද පාලනය කරගෙන සහන මිලකට බී ළූණූ ලබාදෙන්නේ කියන එක. රජය විදිහට යම් බදු පැනවීමක් කළත්, ආනයනික පිරිවැය අඩු වුණත් වෙළෙඳපොළේ විකිණෙන්නේ වැඩ වැඩි මිලට. එතන ප්‍රශ්නයක් තියෙනවා ඒක වහාම විසඳිය යුතුව තියෙනවා. ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න මේ කමිටුවට නිර්දේශ ලබාදෙන්න කියලා තිබුණා."

"ඒ වගේම පොල් හිඟයක් පවතිනවා ඇත්තටම ගත්තොත් අවුරුදු 05 කාලයක් තිස්සේ මේ පොල් වගාව සඳහා නිවැරදිව පොහොර ලබාදීම් සිදුවලො නැහැ ඒකත් එක්ක පොල් අස්වැන්න අඩුවීමක් වෙලා තියෙනවා. අස්වැන්න අඩුවීමත් වෙළෙඳපොළ තත්ත්වයත් එක්ක 15%කින් විතර පොල් මිල වැඩි වුණා ඒ නිසා නගරාසන්න ප්‍රදේශවලින් බැහැර ගම්බද ප්‍රදේශවල තිබෙන රජයේ ආයතනවල තිබෙන පොල් ඉක්මනින් නගරාසන්නයට ගෙන්නලා සහන මිලකට පොල් ලබා දෙන්න ක්‍රියාමාර්ග ගන්න නිර්දේශ කරලා තිබුණා."

"ඒ වගේම බිත්තර මිල පිළිබඳවත් පසුගිය කාලයේ ප්‍රශ්න මතු වුණා. එකවර බිත්තර මිල අඩුවුණා ඒ අඩුවීමත් එක්ක සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්ට ගැටලුවලට මුහුණ දෙන්න සිදුවුණා. කුකුල් ආහාර ගෙන්වීමේදී 18% වැට් බද්දක් පැවවෙනවා. ඒක පසුගිය ආණ්ඩුව ගත්තු තීරණයක් ඒ වැට් බද්ද එක්ක කුකුල් කෑම ගණන් වැඩිවෙලා තියෙනවා. ඒ නිසා දැනටමත් ක්‍රියාත්මකවෙන ක්‍රියාවලියක් තියෙනවා බඩඉරිඟු ආනයනකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින් ඒකාබද්ධ කරමින් අඩුමිලට කුකුළු කෑම කොහොමද මේ අයට ලබාදෙන්න කියන ක්‍රමවේදයක් සකස්කළා."

මේ අතර ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට සැපයෙන බව තහවුරු කර ගැනීමටත්, ජීවන වියදම ඉහළ යාම හැකිතාක් දුරට පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමටත්, සියලු පාර්ශ්වයන් සමඟ සම්බන්ධීකරණ ප්‍රවේශයක් අනුගමනය කරමින් යෝග්‍ය තීරණයන්ට එළඹීමටත් හැකි වන පරිදි 2022-10-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ස්ථාපිත කරන ලද ආහාර ප්‍රතිපත්ති කමිටුව පහත සඳහන් නිලධාරින්ගෙන් සමන්විතව නැවත ස්ථාපිත කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබුණි.

-p.m

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us