ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියමුවන් දෙදෙනකු බහින්බස්වීම නිසා වැඩ තහනමට ! Featured

Published in පුවත්
Tuesday, 15 October 2024 13:30

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නියමුවන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි එම ගුවන් සමාගම සඳහන් කරයි.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ බලා ඉකුත් 10/21 දින පැමිණෙමින් තිබූ යූ.එල්.- 607 දරණ ගුවන් යානයෙහි සේවය කළ ප්‍රධාන නියමුවා සහ ඔහුගේ සහායක නියමුවාගේ මෙලෙස වැඩ තහනම් කර , ඔවුන් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි.

මෙම ගුවන් යානයේ සේවය කළ සහායක නියමුවරයා , සිය ශරීර කෘත්‍ය සදහා වැසිකිළිය වෙත ගොස් ආපසු පැමිණි විට , ප්‍රධාන ගුවන් නියමුවා විසින් , සහායක නියමුවාට යළිත් නියමු කුටියට පිවිසීම සඳහා දොර විවෘත නොකිරීම නිසා මෙම සිදුවීම ඇති වී ඇති බව සඳහන්ය.

මෙම සිදුවීම සඳහා මෙම ගුවන් නියමුවන් අතර ඇති වී තිබූ මතභේදාත්මක තත්වයක් පසුබිම් වී ඇති බවටද අනාවරණය වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගුවන් මගීන්ගේ සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ආයතනයේ පිරිවිතරයන් අනුගමනය කරමින් , මෙසේ මෙම ගුවන් නියමුවන්ගේ සේවය අත්හිටුවා , ඒ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

-p.m

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us