අජිත් මාන්නප්පෙරුම, වරුණට බයේ මහ මැතිවරණයෙන් ඉවත් වෙයි. Featured

Published in පුවත්
Saturday, 12 October 2024 13:56

සමගි ජන බල සන්ධානයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා ලබා දී තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම තමන් හට ඡන්දය ලබා නොදෙන ලෙසත් ඉදිරියේදී ක්‍රියාකාරී දේශපාලනයේ නොයෙදෙන බවත් අද (12) පෙරවරුවේ ප්‍රකාශ කරනු ලැබීය.

මෙවැනි තීරණයක් ගැනීමට හේතු වූයේ ගම්පහ ආසනයේ සංවිධායක ලෙස සිටි තමන් ඉවත් කර රනිල් පිලෙන් අයෙකු පත් කිරීම සජිත් ප්‍රේමදාසගේ සෘජු මැදිහත්වීමෙන් සිදු කර ඇති නිසා එයට විරෝධය පෑමක් ලෙස බව ප්‍රකාශ කර තිබිණි. තමන් නාමයෝජනාවලට අත්සන් තබා පැය 24 ඉක්මයාමටත් පෙර එම පත් කිරීම සිදු කර ඇතැයිද ඔහු ප්‍රකාශ කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා වරුණ රාජපක්ෂ මහතාට ගම්පහ ආසන සංවිධායකධුරය ලබා දී තිබිණි. එසේම මෙවර පාර්ලිමේන්තුවට වරුණ පැමිණිය යුතුම බවත් ඒ සඳහා තමන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබිණි.

මේ වර්ධනයන් සිදුවෙමින් තිබියදී, සමගි ජන බල සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාසගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි කලකිරීමක් පවතින බවත් එම තත්වය තුළ තවදුරටත් ඔහු සමග දේශපාලන කටයුතුවල නිරතවිය නොහැකි නිසා තමන් හට ඡන්දය ලබා දීමෙන් වලකින ලෙස ඔහු ඉල්ලා ඇත.

Last modified on Saturday, 12 October 2024 14:04

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us