රාජපක්ෂ පවුලෙන් වාර්තාවක්

Published in පුවත්
Saturday, 12 October 2024 12:08

2024 මහමැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා රාජපක්ෂ පවුලේ කිසිදු දේශපාලනඥයෙක් තරග වැදී නොමැති බව අනාවරණය වේ.

මෙය මෙසේ සිදුව ඇත්තේ වසර 88 කට පසුව ය.

1936දී ඩී. එම්. රාජපක්ෂ රාජ්‍ය මන්ත්‍රණ සභාවට තරගකර පත්වෙමින් රාජපක්ෂ පවුලේ හම්බන්තොට දේශපාලනය ආරම්භ කළ අතර ඔහුගේ අභාවයෙන් පසුව ඩී. ඒ. රාජපක්ෂ, ලක්ෂ්මන් රාජපක්ෂ, ජෝර්ජ් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නිරූපමා රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ විටින්විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ විවිධ ආසනවලින් පාර්ලිමේන්තු මැතිවරණවලට තරග වැදුණ හ.

මෙවර රාජපක්ෂ පවුලේ කිසිදු දේශපාලනඥයෙක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග නොකරන අතර නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු වශයෙන් මහමැතිවරණයට ඉදිරිපත්ව සිටී.

Last modified on Saturday, 12 October 2024 12:14

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us