හිටපු ජනපතිගේ උරුමය වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නව ජනපතිගෙන් උපදෙස්  

Published in පුවත්
Saturday, 12 October 2024 11:48

රජය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් හෝ ප්‍රදානයක් මත රජයේ ඉඩම් පරිහරණය කරන පුද්ගලයින්ට සින්නක්කර හිමිකම් ලබාදීමේ පසුගිය රජයේ 'උරුමය වැඩසටහන' අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

උරුමය වැඩසටහන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ ආරම්භ විය. සින්නක්කර හිමිකම් මිලියන දෙකක් ලබා දීමට ඔහු පොරොන්දු විය.පසුගිය පෙබරවාරි මාසයේ දඹුල්ලෙන් අරම්භ කළ මෙම වැඩසටහන ජනාධිපතිවරණය කැඳවීම නිසා මැතිවරණ නීති යටතේ මැතිවරණ කොමිසම විසින් අත්හිටුවන ලදී. ඒ වන විට 21,491 කට පමණ සින්නක්කර ඔප්පු බෙදා දීම සිදු කර තිබු අතර තවත් ලක්ෂකට පමණ ඔප්පු ප්‍රධානය කිරීමට සූදානම් කර තිබිණි. මෙම වැඩ සටහන තුළදී පවුල් ලක්ෂ 22 කට ඔප්පු ප්‍රධානය කිරීමට බලාපොරොත්තු විය.

කෙසේ වෙතත්, නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉඩම් බෙදාදීම අඛණ්ඩව සිදු කළ යුතු බවට උපදෙස් දී ඇති බව ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ මහතා සන්ඩේ ටයිම්ස් වෙත පවසා ඇත.

කෙසේ නමුත් ඉඩම් බලපත්‍ර සහ දීමනා ඇති ලක්ෂ 22ක් පමණ සිටින නමුත් උරුමය යටතේ සින්නක්කර අයිතිය සඳහා ඉල්ලුම් කර ඇත්තේ ලක්ෂ දෙකක පමණ ප්‍රමාණයකි.

ආණ්ඩුවේ බලපත්‍රලාභී හෝ ප්‍රදානය කරන ලද ඉඩම් කිසිවකුට විකිණීම හෝ පැවරීම නීතියෙන් තහනම් වුවද, ආර්ථික දුෂ්කරතා හෝ වෙනත් විවිධ හේතූන් මත, බොහෝ අය අවිධිමත් ලෙස තම ඉඩම සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් විකිණීමට හෝ බදු දීමට හෝ වෙනත් අයෙකුට පැවරීමට කටයුතු කර තිබීම මත මෙම ඔප්පු හිමිකාරත්වය ඉල්ලුම් කිරීමේ අපහසුතාවයට පත් ඇති බවත් පැවැසේ.

නමුත් එවැනි ගැටළු නොමැති බලපත්‍ර හෝ ප්‍රදාන ඇති අය හැකි ඉක්මනින් උරුමයට අයදුම් කරන ලෙස ඉඩම් කොමසාරිස් ජනරාල් ඉල්ලා සිටී. බලපත්‍රවල නීත්‍යානුකූල අයිතිය ඇති අය ප්‍රාදේශීය ලේකම්වරයාට අයදුම් කරන ලෙස පවසයි.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඉඩම් ප්‍රදාන හෝ බලපත්‍ර ලදුපත ලියාපදිංචි කරනු ලබන අතර පසුව මිනින්දෝරු දෙපාර්තමේන්තුව එය නැවත ලියාපදිංචි කර සම්පූර්ණ දීමනාවක් සකස් කරයි. එවිට ඔවුන් එම සම්පූර්ණ දීමනාව සඳහා සින්නක්කර ප්‍රදානයක් ලබා දී එය පැරණි බලපත්‍රය සමඟ ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා යවනු ලැබේ. ජනාධිපතිවරයා පැරණි බලපත්‍රය අවලංගු කර සින්නක්කර ඔප්පුව අනුමත කරයි. එය ප්‍රාදේශීය ලේකම්වරයා හරහා අදාළ පුද්ගලයා වෙත ආපසු යවනු ලැබේ.

අදාළ ආයතන අතර කාර්යක්ෂම සම්බන්ධීකරණයක් ඇතිව සති දෙකකින් සින්නක්කර ඔප්පුවක් නිකුත් කළ හැකි බව කොමසාරිස්වරයා පැවසීය.

කෙසේ නමුත් කඳුකරයේ ඉඩම් නොමැති ජනතාව, උතුරේ සහ නැගෙනහිර යුධ සමයේදී හෝ ඉන් පසුව ඉඩම් පැවරීමේ ගැටළු ඇති පුද්ගලයින්, දැනට ඉඩම් නොමැති හෝ නිවාස නොමැති හෝ ඉඩම් සම්බන්ධ ගැටළු ඇති නාගරික පදිංචිකරුවන් සහ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින්ට උරුමය වෙනුවෙන් අයදුම් කළ නොහැකිය.

Last modified on Saturday, 12 October 2024 11:49

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us