ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාවත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ඊයේ උදෑසන ජලයෙන් යට වූ අතර, ඒ හේතුවෙන් එම ස්ථානය තාවකාලිකව වසා දැමීමට සිදු විය.
කෙසේවෙතත්, පවතින අධික වර්ෂාව හේතුවෙන් කැළණි ගඟ පිටාර ගැලීම නිසා ඇතිවී ඇති ගංවතුර තත්ත්වය මත කඩවත දෙසින් අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන වාහන කඩුවෙලින් පිටවීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව පොලිසිය සඳහන් කර සිටිනවා.
ඒ අනුව, කඩුවෙලින් කඩවත දෙසට පිවිසෙන බර වාහන සඳහා පමණක් අවසර ලබාදී ඇති අතර සැහැල්ලු වාහන සඳහා අවසර ලබාදී නොමැති බවයි පැවසෙන්නේ.