ඊයේ (ඔක්. 10) ජනාධිපති අනුර කුමාර දිසානායක සමග මුදල් අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් සමග කළ සාකච්ඡාවේදී මෙම දීමනාව ලබා දීමට තීන්දු කර තිබේ.
විශ්‍රාමිකයන්ගේ වැටුප් මේ වන විට යවා ඇති බැවින් මෙම රුපියල් තුන්දහස ලබන සතියේ ම ගෙවීමට ඒ අනුව තීරණය කර තිබේ.
එමෙන් ම, කන්නය වෙනුවෙන් වැඩි කළ පොහොර සහනාධාරය වන රුපියල් 25,000 හා ධීවරයන්ට ලබා දීමට එකඟ වූ ඉන්ධන සහනය ලබා දීමට මැතිවරණ කොමිසමද ඒ අනුව අනුමැතිය පළ කොට තිබේ.
-p.m