චම්පිකගේ ජනරජ පක්ෂය මහ මැතිවරණයෙන් ඉවත්වේ

Published in පුවත්
Thursday, 10 October 2024 17:14

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක නායකත්වය දරන එක්සත් ජනරජ පක්ෂය 2024 මහ මැතිවරණ කටයුතු වලින් ඉවත්වීමට තීරණය කර ඇත.

සමගි ජන බලවේගය සන්ධානය සමග සන්ධානගතව සිටි එක්සත් ජනරජ පක්ෂය, සිය තීන්දුව සජබ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර වෙත ලිඛිතව දැනුම්දී ඇත.

දෙපාර්ශවය අතර ඇතිකරගෙන තිබු එකඟතාවයන් සජබ විසින් කඩකිරීම මෙම තත්වයට හේතුවී ඇතැයි වාර්තාවේ. 

මෙවර මහ මැතිවරණයට පාඨලී චම්පික රණවක සජබ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වීමට නියමිතව සිටි අතර එම පක්ෂයේ ක්‍රියාකාරීන් කීපදෙනෙකු දිස්ත්‍රීක් කීපයකින් නාමයෝජනා බාරදීමට නියමිත තිබිණ. එහෙත් කොළඹ සහ මාතර දිස්ත්‍රීක්ක වලින් එම පක්ෂය යෝජනා කල අපේක්ෂකයින් දෙදෙනාට නාමයෝජනා නොදීම දෙපාර්ශවය අතර ගැටුමකට හේතුවී ඇත. 

ජනරජ පක්ෂයේ මහ ලේකම්, බන්ධුල චන්ද්‍රසේකර විසින් යොමුකර ඇති එම ලිපියේ මෙසේ සඳහන් වේ.

2014 මහා මැතිවරණයේදී ස්වාධීන වීම

ඔබ පක්ෂය හා අප පක්ෂය අතර 2024.08.14 දින අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුකූලව අප විසින් ඔබ පක්ෂයේ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතාව, 2024 ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරවීම සඳහා දිස්ත්‍රික්ක 20 ක අප පක්ෂයේ ක්‍රියාධරයින් කැපවීමෙන් යුතුව කටයුතු කල අතර, ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යයේද අපගේ පුර්ණ දායකත්වය ලැබුණු බව ඔබ හොඳින් දනී.

ඒ අනුව, අප අතර ඇති කරගෙන තිබූ අවබෝධතා ගිවිසුමට අනුකූලව ජනාධිපතිවරණයේදී අප ක්‍රියා කර ඇත.

කෙසේ නමුත්, අප අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අනුකූලව මහා මැතිවරණ ක්‍රියාවලිය තුල ඔබ පක්ෂය ක්‍රියා කර නැති බව හා ඒ අනුව එකී අවබෝධතා ගිවිසුම ඒක පාර්ශවිකව උල්ලංඝනය කර ඇති බව හට අවධාරණය වී ඇත.

ඒ අනුව අප පක්ෂය වන එක්සත් ජන රජ පෙරමුණ එළැබෙන මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය සමග තව දුරටත් කිසිදු දේශපාලන ක්‍රියාවලියකට සම්බන්ධ නොවන බව සහ සමගි ජන සන්ධානයෙන් ඉවත්වන බව ඔබ වෙත කාරුණිකව දැනුම් දෙමු.''

 

- the leader 

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us