ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය යි ! Featured

Published in පුවත්
Thursday, 03 October 2024 14:10

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ධුර කාලය තුළ ජනාධිපති මුක්තිය හේතුවෙන් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ නෛතික කටයුතු ඉදිරියට ගෙන නොගිය බවට නව ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම වෙනුවෙන් පසුගිය ඔක්තෝම්බර් 01 වෙනිදා පැවැත්වු සිය පළමු මාධ්‍ය හමුවේදී සිදුකළ ප්‍රකාශය සාවද්‍ය ය.

 

දැන හෝ නොදැන සිදුකළ එකී ප්‍රකාශය මත මාධ්‍ය ආයතන ඇතුළු සමස්ථ ජනතාව නොමග යවන සුළු බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදුකළ යුතුව ඇත.

එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් බැඳුම්කර ගනුදෙනුව විභාග කිරිමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කල අතර එය විසින්, ඉන් අනතුරුව 2015 පෙබරවාරි 27 වන දින සිදු කළ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනය කරන ලදී. ඉන් අනතුරුව එවකට විනිසුරුවරුන් ලෙස කටයුතු කළ වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකුගෙන් සමන්විත ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් සිදු කළ අතර, එහිදී එවකට අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විශාල පිරිසක් සාක්ෂි ලබා දුන්හ.

මෙහිදී අවධාරණය කළ යුතු වැදගත් කරුණක් වනුයේ ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු සම්බන්ධයෙන් යම් පරීක්‍ෂණ පැවැතිය ද, මහ බැංකුව විසින් එම සමාගමේ රුපියල් බිලියන 12ක මුදලක් රඳවාගෙන ඇති බවයි. එබැවින් ශ්‍රී ලංකා රජයට කිසිදු මූල්‍යමය අලාභයක් සිදුවී නොමැති බව තහවුරු විය. එම කොමිෂන් සභාව විසින්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා කිසිදු සම්බන්ධයක් නොමැති බව තහවුරු කරමින් නිදහස් කලේය.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ගරු නීතිපතිවරයා පුද්ගලයන් 10 දෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනු කළ අතර මෙම නඩුව ගරු චමත් මොරායස් (සභාපති), ගරු දමිත් තොටවත්ත සහ ගරු එච්. නාමල් බණ්ඩාර බැල්ලලේ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී විභාගයට ගැනිණ. එහි දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් සියලුම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලදී.

නීතිපතිවරයා විසින් මෙම නියෝගයට එරෙහිව අභියාචනාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කළ අතර මේ පිළිබඳ ගරු අධිකරණයේදී කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම අභියාචනය ද ප්‍රතික්ෂේප විය.

අනතුරුව මෙම නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින අතර 2025 ජනවාරි මාසයේදී විභාගයට ගැනීමට නියමිතය.

ගරු නීතිපතිවරයා විසින් ගොනු කරන ලද මුල් අධිචෝදනා පත්‍රයේ සඳහන් විත්තිකරුවන්ට එරෙහිව සාක්ෂි දීමට සාක්ෂිකරුවන් 59 දෙනෙකු ලැයිස්තුගත කර ඇත.

එසේම අවධාරණය කළ යුතු තවත් කරුණක් වනුයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු හෝ නොවන බවය.

එබැවින් ගරු විජිත හේරත් මහතා චෝදනා කරන පරිදි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යම් මුක්තියක් ඉල්ලා සිටීමේ අවශ්‍යතාවයක් නොතිබූ අතර ඇත්ත වශයෙන්ම හිටපු ජනාධිපතිවරයා කිසිම අවස්ථාවක එවැනි මුක්තියක් ඉල්ලා නොමැත.

එසේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ,ඉතිහාසයේ මෙරට මුහුණදුන් දරුණුම ආර්ථික අර්බුදය වසර දෙකක් තුළ සමනය කර දුන්නා පමණක් නොව, දිග්ගැස්සෙන අරාජිකත්වයක් වෙත ඇදීගිය රටක් නිදහස් හා සාමකාමී තත්ත්වයකට පත්කළ බවද මෙහිදී සිහිපත් කළ යුතුව ඇත. එබැවින් අධිකරණයේ ස්වාධීනත්වය ද මේ වන විට හොඳින්ම තහවුරු කර තිබෙන බැවින් ඕනෑම සිදුවීමකට අදාළව යුක්තිය පසිඳලීමට බාධාවක් නොමැත.

එවැනි පසුබිමක වගකිවයුතු අමාත්‍යවරයකු සහ කැබිනට් ප්‍රකාශක ලෙස දැන හෝ නොදැන සාවද්‍ය ප්‍රකාශ සිදුකිරීම නොසුදුසු බව කාරුණිකව දැනුම් දෙමි.

ධනුෂ්ක රාමනායක
හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්
03.10.2024

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us