ඊයේ (2024.10.02) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්ත සංගමයේ සභාපති බුද්ධික විමලසිරි මහතා මේ බව අනාවරණය කළේය.
මේ අනුව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, පාසල් සිසුන්ගේ පාවහන් මිල නුදුරේදීම අඩු කිරීමට තීරණය කර ඇති බවයි.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන නිෂ්පාදන මිලදී ගෙන රටේ සංවර්ධනයට දායක විය යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්ත සංගමයේ සභාපති බුද්ධික විමලසිරි මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ රජයක් බලයට පත් වූ විට බොහෝ දේ බලාපොරොත්තු වන මේ සමාජය තුළ රටේ කර්මාන්තකරුවන් සහ නිර්මාණකරුවන් රජයට සහයෝගය දැක්වීම අත්‍යවශ්‍ය බවයි