රට තුළ ඉන්ධන තොග ප්‍රමාණවත්ද?

Published in පුවත්
Wednesday, 02 October 2024 10:37

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර ඇති බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්ධන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථා සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසීය.

 

ප‍්‍රමාණවත් ඉන්ධන තොග පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඉදිරියේ දී සතිපතා සැලසුම් සකස් කරන බව ද ඒ මහතා පැවසීය.

වඩාත් කාර්යක්ෂම ඉන්ධන සැපයීමක් සඳහා ඉන්ධන පිරිපහදු අංශය දියුණු කිරීම තෙල් සංස්ථාවේ අරමුණ වන අතර මෑතකාලීන ඉන්ධන මිල සංශෝධනය දැනට පවතින මිල සංශෝධනය අනුව සිදුකරන ලද අතර මහජනතාවට වැඩි සහන ලබා දීම සඳහා මිල සූත්‍රය වැඩිදියුණු කිරීමට අදහස් කර සිටින බවද ඔහු සඳහන් කරයි.

වෙනත් පාර්ශ්ව විසින් ආනයනය කරන ඉන්ධන තොග සඳහා ඉන්ධන මිල අඩු කිරීම දැනට කළ නොහැකි බවත් රජය බලයට පත්වී කෙටි කාලයක් තුළ විශාල ඉන්ධන සහන ලබාදීම කළ නොහැක්කේ එහෙයින් බවයි රාජකරුණා මහතා කියාසිටින්නේ.

ඉන්ධන මිල සංශෝධනය කළේ පවතින සූත්‍රයට අනුව සහ නීත්‍යානුකූලවග රාමුව තුළ බව හෙතෙම පවසයි.

මේ අතර ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණ වඩාත් විනිවිදභාවයෙන් සිදුකිරීමට නියාමන කොමිෂන් සභාවට භාරදීමට අපි බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටියි.

පසුගිය ආණ්ඩු වලදී සිදුවූ වංචා සහ දූෂණ සෙවීමට ජනාධිපති කොමිසමක් පත්කිරීමට නියමිත බව කී රාජකරුණා මහතා එම කොමිසම ඛනිජ තෙල් සංස්ථාවේ සිදුවී ඇති වංචා සහ දූෂණ සම්බන්ධයෙන් ද කටයුතු කරනු ඇති බව ද සඳහන් කළේය.

ඛනිජ තෙල් සංස්ථාවේ දූෂණ වංචා වලට සම්බන්ධ නිලධාරීන්ට ද නිසි ස්ථානය ලැබෙනු ඇතැයි කී ඒ මහතා පැවසුවේ එවැනි කිසිඳු පුද්ගලයෙක්ට ගැලවීමක් නොමැති බවත්ය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us