ජනාධිපති කාර්‍යාලයේ වාහන සංදර්ශනය අවසන් Featured

Published in පුවත්
Tuesday, 01 October 2024 22:30

අද (01) පස්වරුවේදී, පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට අනු යුක්ත කර තිබූ වාහන නැවත එම ආයතනවලට භාරදීම , ජනාධිපති කාර්යාලය අසළ එම වාහන නවතා තිබූ පරිශ්‍රයේ දී සිදු කර තිබෙන බව සඳහන් වේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අද වාහන 19ක් නිදහස් කිරීමට කටයුතු කෙරුණු අතර එයින් වාහන 15ක් පමණ පූර්ව දැනුම් දීමකට අනුව එම ස්ථානයට පැමිණි අදාළ ආයතනවල නිලධාරීන් අද දිනම රැගෙන ගිය බවයි.

මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් වාහන 08ක්, මුදල් අමාත්‍යාංශයෙන් ලබාගත් වාහන 03ක්, දකුණු පළාත් සභාවෙන්, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයෙන් සහ වනජීවි දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වාහන 01 බැගින් සම්පූර්ණ වාහන 15ක් අද දින මෙලෙස ආදළ ආයතනවලට නැවත ලබාදීම සිදු කර ඇත.

මේ අනුව මෙම වාහන පරිහරණය එම ආයතන නිලධාරීන් වෙත පැවැරෙනු ඇත. එහෙත් රජය මින් පෙර සදහන් කර තිබුණේ අත්‍යාවශ්‍ය සේවා සදහා මෙම වාහන යොදා ගැනීම සිදු කරන බවය.

Last modified on Tuesday, 01 October 2024 22:34

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us