හරිණිගේ තීන්දුව අනුර ආපසු හරවයි ද?   Featured

Published in පුවත්
Tuesday, 01 October 2024 11:18

ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව නතර කරන බවට, ජනාධිපතිවරයා දැනුම්දුන් බව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව වෙනුවෙන් හඬ නැගූ මව්පියෝ පැවසූහ.

ඊයේ (30) පස්වරුවේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මෙම තීරණය තමන්ට දැනුම්දුන් බව ඔවුන් වැඩිදුරටත් පැවසීය. එමෙන්ම එහිදී ඔවුන් පවසා සිටියේ, පළමු පත්‍රය නැවත පවත්වන මෙන් තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුවට විසඳුමක් ඉල්ලා මව්පියන් පිරිසක් ඊයේ (30) දවස පුරා බත්තරමුල්ලේදී සහ කොළඹදී විරෝධතා වල නිරත වූහ.

අධ්‍යාපන ඇමැති ධුරයේ වගකීම දරණ අගමැති හරිණි අමරසූරිය ගේ අනු දැනුම ඇතිව අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළේ අදාල ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූවා යැයි කියන ප්‍රශ්න තුනක් සඳහා සෑම විභාග අපේක්ෂකයකුටම සම්පූර්ණ ලකුණු ලබා දී නැවත විභාගය නොපැවැත්වීමය.

කෙසේ නමුත් මෙම තීරණය විශාල පිරිසකට අසාධාරණයක් වීම සිදු වෙයි. මන්ද යත් මෙම කලින් පිටවූවා යැයි කියන ප්‍රශ්න සියළු සිසුන්ට නොලැබී තිබීම මත එම ප්‍රශ්න වෙනුවෙන් නිවැරදි පිළිතුරු ලබා දුන් සහ නොදුන් පිරිසටත් එකසේ ලකුණු එකතු වීමෙන් වංචා කිරීමකින් තොරව නිවැරදි පිළිතුරු දුන් අයට අසාධාරණයක් වෙයි. එමෙන්ම නිවැරදි පිළිතුරු ලබා දීම වෙනුවෙන් කාලය වැය කිරීම සිදු කළ අයට සෙසු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම වෙනුවෙන් යම් ලෙසකින් කාලය අහිමි වීමත් සිදුව තිබීම විය හැකි තත්වයන් තුළ ද අසාධාරණයක් සිදු වේ. මේ නිසා වඩා සාධාරණ විසඳුම විභාගය නැවත පැවැත්වීමය.

එහෙත් විභාගය නැවත පැවැත්වීම දරුවන්ගේ මානසිකත්වයට බරපතල පීඩාවක් ගෙන ඒම සිදු විය හැකිය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us