‍ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි ! ජනපතිගෙන් සහ අගමැතිනියගෙන් පණිවුඩ

Published in පුවත්
Tuesday, 01 October 2024 07:30

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබේ.

දරුවන් රැකගමු - සමසේ සලකමු යන්න මෙවර ළමා දිනයේ තේමාවයි.

ළමුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසයි.

එහි සභාපති සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය පැවසුවේ ළමයින්ට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මව්පියන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද යුතුකමක් බවය.

දරුවන්ට හිමි ළමා ලෝකය නැවත දරුවන්ට දිනා දීම අපගේ පුනරුද යුග කාර්යයේ මාහැඟි අරමුණ බව ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් නිකුත්කළ ළමා දින පණිවුඩය පහතින්.

- උපුටා ගැනීම -

ලෝකය ළමයින්ටයි......
ඔවුන්ගේ ලෝකය අපේ දෑතින් ගොඩ නගමු.....

මේ සහශ්‍රකයේ දරුවන් මුහුණ දෙන අභියෝග ලෙස දිළිඳුකම, මන්දපෝෂණය, සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව, පරිසර විනාශය, අධ්‍යාපනයේ අසමතුලිත බව, සමාජ අවස්ථාවල අසමාන බව, මත්ද්‍රව්‍ය මෙන්ම තාක්ෂණය අනිසි ලෙස භාවිතයේ ගොදුරු බවට පත්වීම යනාදිය අපි හඳුනාගෙන ඇත්තෙමු.

එසේම දරුවන්ගේ මනෝ සමාජයීය සංවර්ධනයට බාධා කරන සමාජයීය සාධක මෙන්ම ආතතියෙන් පිරුණු විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව යනාදී අගතීන් ගෙන් වත්මන් ළමා පරපුර මුදවාගෙන දරුවන්ට හිමි ළමා ලෝකය නැවත දරුවන්ට දිනා දීම අපගේ පුනරුද යුග කාර්යයේ මාහැඟි අරමුණයි. කයින් මනසින් මෙන්ම අධ්‍යාත්මයෙන්ද නිරෝගී සුපසන් ළමා පරපුරක් බිහිකිරීම මඟින් අනාගත ලොව දිනන නිදහස් පරිකල්පනයකින් යුතු නිවහල් උදාර මිනිසා නිර්මාණය වන බව අපි විශ්වාස කරන්නෙමු.

ඒ සඳහා අවශ්‍ය ආර්ථික නිදහස මෙන්ම මානව දයාව, අන්‍යෝන්‍ය විශ්වාසය, ගරුත්වය සහ පිළිගැනීමෙන් යුක්ත සමාජය නිර්මාණය කිරීම සහ ස්වභාවික සම්පතින් සපිරි පාරිසරික උරුමය රැක දීමටත් අවැසි දේශපාලනික පරිවර්තනය අපි ප්‍රමුඛ කාර්යය සේ සළකා ඉටුකිරීමට කැපවෙමු.
එකී වගකීමට අපි සැම වගවෙමු !

- උපුටා ගැනීම අවසන් -

මේ අතර ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ "අපේ අනාගතය සඳහා කරන ආයෝජනයන් යනු අපේ දරුවන් වෙනුවෙන් ආයෝජනය කිරීමයි" යන මෙවර ජාත්‍යන්තර ළමා දින තේමාව, පාඨයකට සීමා නොකර යථාර්තයක් කිරීම සිය රජයේ අරමුණ බවය.

රටේ සෑම දරුවකුට ම උසස් තත්ත්වයෙන් යුතු නිදහස් අධ්‍යාපනයක් ලබා දීමට රජය කැපවන අතර ආර්ථික වශයෙන් ශක්තිමත් දේශයක දරුවන් දැනුමෙන් සන්නද්ධ කිරීම අපගේ දැක්ම බව අග්‍රාමාත්‍යවරිය පැවසීය.

එමෙන්ම මෙවර ලෝක වැඩිහිටි දින තේමාව වන “ගෞරවාන්විතව වයස්ගත වීම, ලොව පුරා වැඩිහිටි පුද්ගලයින් සඳහා සත්කාර සහ ආධාරක පද්ධති ශක්තිමත් කිරීමේ වැදගත්කම”, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සමාජ ආරක්ෂණය වැඩි දියුණු කිරීම සඳහා වන අප රජයේ ඇති කැපවීම සමඟ සමපාත වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

වැඩිහිටියන් සඳහා විශේෂයෙන් ශ්‍රම බළකායට දායක වෙමින් තම ජීවිත ගතකළ අය වෙනුවෙන් විශ්‍රාම ප්‍රතිලාභ වැඩිදියුණු කිරීමටත් සෞඛ්‍ය සේවා සඳහා නොමිලේ සහ සමාන ප්‍රවේශයක් සහතික කිරීමටත් අපගේ රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍යවරිය සිය වැඩිහිටි දින පණිවිඩය මගින් වැඩිදුරටත් දැනුම් දෙයි.

-p.m

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us