බේකරි නිෂ්පාදන මිළහි කිසිදු වෙනසක් වෙන්නේ නැහැ - සමස්ත ලංකා බෙිකරි හිමියන්ගේ සංගමය

Published in පුවත්
Monday, 30 September 2024 07:51

කොත්තු, ෆ්‍රයිඩ් රයිස් ඇතුළු බිත්තර යොදාගෙන සකස් කරන ආහාරවල මිල ගණන් ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

කෙසේ වෙතත් සමස්ත ලංකා බෙිකරි හිමියන්ගේ සංගමය පවසන්නේ බිත්තර මිල පහළ යෑම පදනම් කරගෙන බේකරි නිෂ්පාදනවල මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බවය.

මේ අතර බිත්තරයක් රුපියල් 27ක්, 28ක් වැනි මිලක් දක්වා පහත වැටීමෙන් තමන් දැඩි අසීරුතාවයකට මුහුණපා ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින් පවසයි.

මේ අතර, නව ජනාධිපතිට සහාය පළකරමින් රජයේ පාලන මිලට සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමට තීරණය කළ බව මහා පරිමාණ සහල් මෝල් හිමියන් පෙරේදා (28)ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේය.

මේ අතර සිල්ලර වෙළෙඳුන් පවසන්නේ මේ දක්වා තමන්ට පාලන මිලට සහල් ලබාදීමට මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවන් පියවර ගෙන නොමැති බවය.

මෙවන් පසුබිමක ගොවි ජනතාව වෙනුවෙන් පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩිකිරීම දේශපාලන පොරොන්දුවකට සීමා නොවිය යුතු බව අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කළේය.

මේ අතර අර්තාපල් අස්වනු සඳහා නිසි මිලක් නොලැබෙන බවට බදුල්ල දිස්ත්‍රික්කයේ අර්තාපල් ගොවීන් මැසිවිලි නගයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us