මහා මැතිවරණ ප්‍රතිඵල ජනාධිපතිවරණ ප්‍රතිඵලයට වඩා හාත්පසින්ම වෙනස් -සංජිව එදිරිමාන්න

Published in පුවත්
Friday, 27 September 2024 08:38

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්, ආණ්ඩුවට මේ රටේ තිබෙන ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා තිබෙන වැඩපිළිවෙල කුමක්ද යන්න රටට අනාවරණය කළයුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අලුත් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ රටේ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත්වෙලා තිබෙන්නේ වසන්ත සමරසිංහ මහතාගේ වාහන රජ දැක්ම ඉහළින් පෙන්නීම කියලා දක්නට ලැබෙන බවයි,

කිසියම් තැනක රාජ්‍ය දේපළක්, රාජ්‍ය සම්පතක් අවභාවිතයට ලක්ව තිබේනම් එය රටට අනාවරණය කිරීම පිළිබඳව ගැටළුවක් නොමැති බවද ඔහු පෙන්වා දෙනු ලැබීය..

කෙසේ වෙතත් එය එක්තරා සංදර්ශනයක් විදිහට ජනතාවට පෙන්නන්න ඔවුන් උත්සහ කරන බවටයි සංජීව සංජීව එදිරිමාන්න මහතා අවධාරණය කළ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයට තරඟ කරන බවත් මහා මැතිවරණ ප්‍රතිඵල ජනාධිපතිවරණ ප්‍රතිඵල මීට වඩා හාත්පසින්ම වෙනස් වන බවත් ඔහු කියා සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිසැකවම මහා මැතිවරණයේදී පාර්ලිමේන්තු බලයක් වෙනුවෙන් තරඟ කරන බවයි සංජීව එදිරිමාන්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us