වත්මන් ආණ්ඩුව අදක්ෂයන්ට තැන දෙයි ! ඉල්ලීම් ඉටු නොකරොත් නැවතත් පාරට - ස්ටාර්ලින් කියයි Featured

Published in පුවත්
Thursday, 26 September 2024 09:10

වත්මන් රජය ආණ්ඩුවේ ලේකම්වරුන් පත් කිරීමේදී අදක්ෂයන්ට තැනක් දී ඇති බවත්, චෝදනා ඇති බොහෝ නිලධාරීන් යළිදු නව ආණ්ඩුවේ ලේකම්වරුන් ලෙස දිවුරුම් දීම තම සංගමය කිසිසේත් අනුමත නොකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් කීවේය.

වත්මන් රජය බලයට ගෙන ඒමට ඡන්දය දුන් ගුරුවරුන්ගේ ඉල්ලීම්වලට රජය ඇහුම්කන් නොදුනහොත් එම ඉල්ලීම් ඉටුකර ගැනීමට පාරට බැසීමට සිදුවන දිනය වැඩි ඈතක නොවන බවවැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කීවේ ද ඔහු කීවේය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින්

“අලුත් ආණ්ඩුව මේ වෙනකොට අමාත්‍යාංශ පාලනය කරන්න ලේකම්වරු පත් කරලා තියෙනවා. මේ ලේකම්වරු පත් කිරීම ගැන ඇත්තටම අපි සෑහීමකට පත් වෙන්නේ නැහැ. රාජ්‍ය පරිපාලනයේ ප්‍රධාන ලේකම්වරයාට විරුද්ධව චෝදනා තියනවා. ඔහු බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම්වරයා විදිහට ඉන්නකොට ඔහුට තිබුණු චෝදනා සම්බන්ධයෙන් විගණන වාර්තා පවා තියෙනවා. එහෙම චෝදනා තියෙන කෙනක් අමාත්‍යාංශ ලේකම්වරයෙක් විදිහට පත්වෙලා. ඔතන ඉන්න සමහර ලේකම්වරුන්ගේ අදක්ෂතාවන් අපි හොඳට දැකලා තියෙනවා. එහෙම අදක්ෂ අයම තමයි ආයෙත් පත් කරලා තියෙන්නේ. මේක අපිට බරපතළ ප්‍රශ්නයක්. ආණ්ඩුව පැත්තෙන් ඒ පත්කිරීම්වලට හේතු තියෙන්න පුළුවන්. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව මේ අය සම්බන්ධයෙන් තීරණයක් ගනියි කියලා.

ලංකා ගුරු සංගමය කවදාවත් පක්ෂයකට වෙන් වූ වෘත්තීය සමිතියක් නෙවෙයි. අපි ගුරු විදුහල්පති සන්ධානය විදිහට තමයි ලංකා ගුරුසේවා සංගමය සහ අනිත් සංගම් එක්ක එකට එකතුවෙලා මේ ගුරු අරගල කළේ. මේ වෙනකොට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරුන්ගේ උසස්වීම් සම්බන්ධයෙන් බරපතළ ගැටලු තියෙනවා. ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයක් විදිහටත් විශාල ප්‍රශ්න ගැටලු රාශියක් තියෙනවා. මේ ප්‍රශ්න විසඳනවට අමතරව ප්‍රධානම ගැටලුව තියෙන්නේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයේ ඉතිරි තුනෙන් දෙක ලබා දීම. බලයට පත් වුණු රජයේ වගකීම තමයි ඒ ඉල්ලීම ඉටු කිරීම. වත්මන් ආණ්ඩුව පත්වෙලා දවස් කීපයක් වෙන්න පුළුවන්. ඒත් තව මහ මැතිවරණයකුත් නොවැම්බර් මාසේ තියෙනවානේ. එතකොට එයාල කියයි ඡන්දෙ තියලා රට ස්ථාවර වුණාට පස්සේ පොරොන්දු ඉටු කරන්නම් කියලා. එහෙම කියලා කට වහගෙන ඉන්න අපිට නම් බැහැ. අනුර කුමාර රජයටත් වගකීමක් තියෙනවා අපේ ගැටලු විසඳන්න. රට ස්ථාවර වෙනවත් එක්කම ඊට සමාන්තරව අපේ ගැටලුත් විසඳන්න ඕනේ.

එහෙම නැතුව අරක වෙනකම් මේක වෙනකන් කියලා අපිට ඉන්න බැහැ. අපි බලමු එයාලා කොහොමද එයාලගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ කියලා. අපි ඒ දිහා බලාගෙන ඉන්නවා. අපේ ප්‍රශ්නවලට විසඳුම් නොදුන්නොත් අපි ආයෙත් පාරට බහිනවා” යැයි ඔහු කීවේය.

 -P.M

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us