අතහැර දමා ගොස් ඇති රජයේ වාහන වල ඇත්ත කතාව

Published in පුවත්
Wednesday, 25 September 2024 23:55

ගාලු මුවදොර අසල ගාල්කර තිබෙන වාහන ගැන මේ වන විට සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් සාකච්ඡාවට ගෙන ඇති අතර ආණ්ඩු පාර්ශ්වයේ හිතවතුන් පළ කර ඇති දැන්වීම් අනුව රජයේ වාහන 6000 ක් පමණ එම වාහන පාවිච්චි කළ පිරිස් විසින් මෙලෙස අතහැර දමා පලා ගොස් ඇත. 

එහෙත් සත්‍ය තත්වය නම් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා විවිධ කාර්යයන් සඳහා අනුයුක්ත කර සිටි නිලධාරීන්ට නිකුත් කර තිබූ රජයේ වාහන 97 ක් මෙලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට විධිමත්ව භාරදී ඇති බවය.

එහෙත් එම වාහන සියල්ල ලේකම් කාර්යාල පරිශ්‍රයේ ගාල් කිරීමේ ඉඩ කඩ ප්‍රශ්නය නිසා ඊයේ (24) සිට මෙලෙස ගාල්කර ඇත්තේ එම කාර්යාලයට යාබද ගාලු මුවදොර ආසන්නයේය.

ජනාධිපතිවරයෙක් බලයට පත් වූ විට ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා රාජ්‍ය සේවයේ නියුතු පුද්ගලයන්ට අමතරව තමන්ගේ විශ්වාස වන්තයින් ඇතුළත් කර ගැනීම සිදුවේ. සාමාන්‍යයෙන් විධායක තලයේ තනතුරු සඳහා රජයේ වැටුපට අමතරව වාහනයක් රියදුරෙක් හෝ ප්‍රවාහන දීමනාවක්, ඉන්ධන දීමනාවක්, දුරකතන දීමනාවක් ආදිය හිමි වේ. එම තනතුරු වලංගු වන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය තෙක් පමණි.

මේ වන විටත් නව ජනාධිපතිවරයාද තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙනුවෙන් තමන්ට විශ්වාසවන්ත හිතවතුන් කිහිප දෙනෙකුම සම්බන්ධ කරගෙන ඇත. මහ මැතිවරණය කැඳවීම නිසා තවදුරටත් මේ දින වල එලෙස බඳවා ගැනීම් සිදු කළ නොහැකි නමුත් මැතිවරණයෙන් අනතුරුව අවශ්‍ය පිරිස් සම්බන්ධ කර ගැනීම සිදුවේ. ඒ අනුව වන තනතුරු වෙනුවෙන් වාහන රියැදුරන් සහ ඉන්ධන දීමනාවන් සහ රජයේ අනුමත වැටුප් ගෙවීම සිදුවෙයි. ඒ අනුව මෙලෙස ගාල් කර ඇති වාහන එම නිලධාරීන් වෙනුවෙන් ලබා දීමත් සිදු වෙයි.

කොහොම නමුත් එලෙස බඳවා ගන්නා පිරිස සුළු පිරිසක් වන්නේ නැත. ජනාධිපතිවරයාගේ කාර්යභාරය විවිධ අංශ ඔස්සේ විශාල වපසරියක පැතිර පවතින බැවින් ඒ වෙනුවෙන් අවශ්‍ය පමණට කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීම ඔහු විසින් සිදු කළ යුතුය. එසේ නොකළහොත් එම වැඩකටයුතු අඩාල විය හැකිය.

ජනාධිපති රනිල් සමයේ දී අති විශාල පෞද්ගලික කාර්ය මණ්ඩලයක් නඩත්තු කළ බවට චෝදනා එල්ල වූව ද මෑත කාලයේදී අඩුම කාර්ය මණ්ඩලයක් සිටි ජනාධිපතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහය. එසේම එම කාර්ය මණ්ඩලය සඳහා ලබා දුන් වරප්‍රසාද දීමනා ආදියද සැලකිය යුතු ලෙස අඩු කර තිබිණි.

කෙසේ නමුත් රජයේ වාහන භාවිත කළ පුද්ගලයින් නව ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමග මෙලෙස වාහන තැන තැන ගාල්කර පැන ගොස් ඇතැයි කියන ප්‍රචාරයට උල්පන්දම් දෙමින් එම ස්ථානයට පැමිණි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා විසින් සිදු කළ ප්‍රකාශ ද ජනතාව නොමඟ යැවීමට හේතුවක්ව තිබිණි.

මේ අතර රජයේ වාහන අවභාවිතය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී තිබෙන් බවටත් වාර්ති පලවී තිබිණි.

මෑතකදී රජය සිදු කළ ගනනය කිරීමකදී රජය සතු වාහන ප්‍රමාණය 82,000 ක් පමණ වන බව වාර්තා වී තිබිණි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us