ආර්ථිකය ගැන දැනුමක් නැති සජිත් වෙනුවෙන් හර්ෂ, කබීර්, ඉරාන් වැනි අය සහාය දීම පුදුමයක්

Published in පුවත්
Tuesday, 17 September 2024 09:49

සමඟි ජන බලවේගයේ ආර්ථිකය පිළිබඳ දැනුමක් ඇති හර්ෂ, කබීර්, ඉරාන් ආර්ථිකය පිළිබඳ ක්‍රියාත්මක වෙන්න බැරි නායකයකු පසුපස යන බවත් ආර්ථිකමය වශයෙන් මේ අපරාධය රටට කරන්නේ ඇයිදැයි තමාට විමතියක් බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට පෙරේදා (15) එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා:

“අපේ රටේ වාහන විතරයි මේ වෙන කොට ආනයනය සීමා කර තිබෙන්නේ. අනෙක් සියලු සීමා ලිහිල් කර තිබෙනවා. රටේ ජනතාවගේ අවශ්‍යතාවය ආණ්ඩුව ඉටු කරද්දී ඇතැම් දේශපාලන පක්ෂ ඒ හැම එකක්ම මැතිවරණයට ලඝු කරන්න හදනවා. මේ රටේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වෙනසක් විය යුතුයි. බදු කළමනාකරණය මීට වඩා ශක්තිමත් විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය නීති රාමුවක් සකස් විය යුතුයි කියලා අපි දිගටම කිවුුවා. බරපතලම ආර්ථික අර්බුදයක් තිබුණ වෙලාවේ අප බදු ප්‍රතිසංස්කරණ ගෙනාවා.

“දුප්පත් මිනිහා ගැන හිතුවා නම් එහෙම හිතුවේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විතරයි. අනිත් ඔක්කොම කයිවාරුවලට සීමා වෙලා. මේ රටේ ආර්ථිකය කඩා වැටෙන වෙලාවේ ආර්ථිකය පිළිබඳව දන්න කණ්ඩායම් එක එක්කෙනාට ඇඟිල්ල දික් කර ආර්ථික ඝාතකයෝ කියලා චෝදනා කළා. ආර්ථිකය සම්බන්ධයෙන් කතා කරනකොට අනුර කුමාර දිසානායක ගැන කතා කරලා වැඩක් නැහැ. ජවිපෙට ආර්ථිකය කළමනාකරණය සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැහැ.

“සජිත්ටත් ආර්ථික කළමනාකරණයක් ගැන අවබෝධයක් නැහැ. නොමිලේ දෙන දේවල් දෙනවා කියන කාරණය ඇරෙන්න ඒක කරන විදිහක් ගැන කතා කරන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස කඳවුරේ හර්ෂ, ඉරාන්, කබීර් මේ තුන්දෙනා ගත්තම ආර්ථිකය පිළිබඳ දැනුමක් තියෙනවා. මේ තුන්දෙනා තමයි සජිත් ප්‍රේමදාස ආර්ථික අර්බුදය නිසා පැනලා යන්න තීන්දු කරන විට ඒ පැනලා යෑමේ සාකච්ඡාවේ හිටියෙත්.

“මේ රටේ ආර්ථික අර්බුදයකට තුඩු දෙන්න පුළුවන් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරද්දි අපේ මිත්‍ර හර්ෂ, කබීර්, ඉරාන් ආර්ථික පිළිබඳ ක්‍රියාත්මක වෙන්න බැරි නායකයකු පිටිපස්සේ යන්නේ ඇයි? මේ යන ගමන් මාර්ගය වැරදියි කියලා 2022 ආර්ථික අර්බුදයට වඩා වැඩි ආර්ථික අර්බුදයකට රට ගෙනියන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන හදනවා කියලා කියන්න බැරි ඇයි? ආර්ථික ඝාතකයන්ගේ ගොඩට ඕගොල්ලෝ එකතු වෙන්න හදන්නේ ඇයි? මේ පොරොන්දු මල්ලම ආර්ථික ඝාතනයක් නොවේද? හර්ෂ, ඉරාන්, කබීර් ක්‍රියාත්මක කරගන්න බැරි ප්‍රතිපත්තියක් ඔස්සේ ලුහුබැඳගෙන යාම විශ්වාස කළ නොහැකියි.”

- දිනමිණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us