කාන්තාවන් පුනුරුත්තාපනය කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක්

Published in පුවත්
Monday, 16 September 2024 08:16

අන්තරායකර ඖෂධ වලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනුරුත්තාපනය කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් වව්නියාව ප්‍රදේශයේ පිහිටුවීමට පුනුරුත්තාපන කාර්යංශය පියවර ගෙන තිබේ.

එම ප්‍රදේශයේ ඉදිකර ඇති මධ්‍යස්ථානය තුළ කාන්තාවන් 100 දෙනෙකු පුනුරුත්තාපනය කළ හැකි බව වාර්තා වේ.

ඒ අනුව අධිකරණ නියෝග යටතේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කාන්තාවන් මෙම මධ්‍යස්ථානය හරහා පුනුරුත්තාපනය කිරීමට සැලසුම් කර ඇත.

ඒ පිළිබඳව පුනුරුත්තාපන කොමසාරිස් ජනරාල්වරයා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය දැනුවත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කාන්තාවන් පුනුරුත්තාපනය සඳහා යොමු කරන්නේ නම් වව්නියාවේ පිහිටි මෙම නව පුනුරුත්තාපන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙස අධිකරණ සේවා කොමිසන් සභාව සියලු විනිසුරුවරුන්ට දැනුම්දී තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us